ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණයෙන් වරෙන්තු

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව, උන්වහන්සේට එරෙහිව පවතින සිරදඬුවම නැවත ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මෝසම සලකා බලන ලද අතර, ඒ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ, සිය සේවාදායක හිමිනම අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා ඊට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙය අපරාධ නඩුවක් බැවින් විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලෙසයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන එළඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා අධිකරණය හමුවේ පමුණුවන ලෙස දන්වමින් පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron