ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ ඇප ඉල්ලීම අද (12) පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

පසුගිය 05 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කර තිබිණි.

අදාළ අපේක්ෂිත ඇප අයදුම්පතෙහි වගඋත්තරකරු ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා නම් කර තිබීම ඊට හේතු වී ඇත.

ඒ අනුව, අද දිනයේ අධිකරණය හමුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Hot this week

නාමල් සිරකරන්න ආණ්ඩුව විමර්ශන වාර්තා සඟවනවා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ...

රාජපක්ෂ පවුලේ සියල්ලන්ම වංචාවලට සම්බන්ධයි – එරංග ගුණසේකර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රට බේරා ගැනීමට නොව අල්ලස් හා...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්...

ඥානසාර හිමි වෙනුවෙන් කිසිවක් කරන්න එපා – මහරගම සෝමරතන හිමි

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම,...

මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමට!

බදුල්ල දිස්ත්‍රික්ර්මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12)...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron