Saturday, February 28, 2026
26.7 C
Sri Lanka

මරණ 19 ක් මැද නේපාල ආණ්ඩුව සමාජ ජාලා තහනම අකුලා ගනියි. ඇත්තටම පැරදුණේ කවුද?

නේපාල සමාජ මාධ්‍ය තහනම ගැන නීතීඥ ආචාර්ය විරංජන හේරත් තැබූ සටහන..

නේපාලය පසුගිය සැප්තැම්බර් 4 වනදා සමාජ මාධ්‍ය ජාලා 26 ක් තහනම් කිරීම එක්තරා ආකාරයක ලිට්මස් පරීක්ෂණයක් බවත් එහි ප්‍රතිඵලය නේපාලයට පමණක් නොව ලෝකයේ සෙසු රටවලටද තීරණාත්මක බලපෑම් ඇති කළ හැකි බවත් මම පසුගිය සැප්තැම්බර් 5 වනදා ලියා තැබුවෙමි.

විරෝධතා

⁣හරියටම ඊට දින දෙකකට පසුව, සැප්තැම්බර් 7 වනදා නේපාලයේ විරෝධතා ආරම්භ වූ අතර එහි පෙරමුණ ගත්තේ GEN Z නමින් එළිබට තරුණ විරෝධතාකරුවන්ය. තරුණ තරුණියන් පෙරමුණ ගත්ත ද සෑම වයස් කණ්ඩායමකම මෙන්ම තරාතිරමකම පුද්ගලයන්ගේ සහභාගිත්වය එහිදී කැපී පෙනිණ.විරෝධතාකරුවන් සදහන් කළේ මෙම සමාජ මාධ්‍ය තහනම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීමක් බවයි.මෙි නිසා නේපාලයේ ඩිජිටල් ආර්ථිකය බිද වැටෙන බවත්, විදේශගත නේපාල ජාතිකයන් සමග සබදතා පවත්වාගැනීමට බාධා කිරීමක් බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවසූහ.එහිදී පැන නැගුණු තවත් අදහසක් වූයේ වත්මන් නේපාල ආණ්ඩුව දූෂිත එකක් බැවින් ඔවුන් , සමාජ ජාලාවලින් නැගෙන විරෝධය යටපත් කිරීමට අධිකරණ තීන්දුවකට මුවාවී දුරදිග නොබලා කඩිමුඩියේ මෙම තහනම ක්‍රියාත්මක කළ බවයි.

මරණ 19ක්

කෙසේවෙතත්, අවසානයේ මෙම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරෑපයක් ගත් අතර ඒවා මැඩපැවැත්වීමට ආණ්ඩුව විසින් හමුදාව කැදවනු ලැබිණ. සැප්තැම්බර් 08 වනදා පස්වරුව වන විට විරෝධතා සමනය වුවද ප්‍රතිඵලය වූයේ මහා ජීවිත සහ දේපල විනාශයකි. දැනට වාර්තා වී ඇති අන්දමට මෙහිදී පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. රැපියල් කෝටි ගණනක වටිනා රාජ්‍ය සහ පෞද්ගලික දේපලද විනාශ වී තිබේ.

තහනම ඉවතට- ඇමති අස්වෙයි.

මේ තත්වය හමුවේ සැප්තැම්බර් 8 වනදා රාත්‍රියේ රැස්වූ නේපාල කැබිනට් මණ්ඩලය අදාළ සමාජ මාධ්‍ය තහනම අකුලා ගැනීමට තීරණය කරනු ලැබිණ. මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන බවටත් දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවන බවටත් නේපාල බලධාරින් වැඩිදුරටත් සහතික වී තිබේ. මේ අතර ගැටුම් පාලනය සම්බන්ධයෙන් බලය යොදාගත් ආකාරය පිළිබද වන විවේචන හේතුවෙන් ස්වදේශ කටයුතු ඇමති රමේෂ් ලේකාක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සමස්තයක් ලෙස මේ වන විට තත්වය පාලනය වී තිබුණද නොසන්සුන්තා තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවත් කත්මන්ඩුහි ඇදිරි නීතිය පනවා ඇති බවත් වාර්තා වේ.

නේපාල ආණ්ඩුවේ මතය

මේ සියල්ල මැද නේපාල ආණ්ඩුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් ද සිදුකර තිබේ.මෙහිදී ආණ්ඩුව සදහන් කර ඇත්තේ, තමන් විසින් සමාජ ජාලා තහනම් කර භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පාලනය කිරීමට කටයුතු නොකළ බවයි.සමාජ ජාලා නියාමනයට යටත් කරන ලෙස නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගය අනුව යමින් අදාළ සමාජ ජාලා රට තුළ ලියාපදිංචි කරන ලෙසත් ,ඊට අදාළ කාර්යාල සහ නිලධාරින් ස්ථාපනය කරන ලෙසත් සමාජ ජාල සමාගම් වෙත දැනුම් දුන් බව නේපාල ආණ්ඩුව පෙන්වා දෙයි.එහෙත් එම තීරණයට සමාජ ජාල සමාගම් එකග නොවූ නිසා ඒවා තහනම් කර අවහිර කරනු ලැබූ බවත් නේපාල ආණ්ඩුව සදහන් කරයි.එය කිසිසේත්ම අදාළ සමාජ ජාලා ස්ථිර ලෙස තහනම් කිරීමක් නොවූ බවත් ඒවා නියාමනයට යටත් කිරීමේ උත්සහයක් පමණක් වූ බවත් නේපාල ආණ්ඩුව අවධාරණය කරයි.

නේපාල ආණ්ඩුවේ මේ අදහස බොරුවක් ලෙස සම්පූර්ණයෙන්ම බැහැර කිරීම ද කළ නොහැක්කක් බව මෙහිදී සදහන් කළ යුතුය. ඒ නේපාල ආණ්ඩුව අදාළ තීරණය ගත්තේ, එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් හේතුවෙන් වන අතර,එහිදී අදාළ සමාගම්වලට ලියාපදිංචි වීම සදහා කාලයක් ද ලබා දුන් බව සත්‍යයක් වීම නිසාය.ඇතැම් සමාගම් ඊට ප්‍රතිචාර දැක්වූවද අදාළ ජාල 26ට සම්බන්ධ සමාගම් එය ප්‍රතික්ෂේප කළ බව මෙන්ම නොතකා හැරි බව ද සත්‍යයකි.

වගකීම කාගේද ?

කෙසේවෙතත්, අවසානයේ මෙම තහනමේ ප්‍රතිඵලය වූයේ ජීවිත 19 ක් අහිමි වීම, තවත් සිය ගණනක් තුවාල ලැබීම, මහා දේපල විනාශය සහ අඛණ්ඩ නොසන්සුන්තාවයි.

මේ පිළිබද සිදුකෙරෙන ඇතැම් විග්‍රහවලට අනුව මෙම කරුණේදී නේපාල ආණ්ඩුව පමණක් නොව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ද කලබලකාරී ලෙස හැසිරී තිබේ.මෙය නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය සිය අධිකරණ බලය ඉක්මවා ගොස් ප්‍රතිපත්ති සම්පාදනය සදහා මැදිහත්වීමක් ලෙස ඇතැම්හු විවෙිචනය කරති.තවත් සමහරු පවසන්නේ මෙහිදී නේපාල ආණ්ඩුව අධිකරණ තීන්දුවකට මුවා වී කිසිදු සොයාබැලීමකින් ,පූර්ව තක්සේරුවකින් තොරව සමාජ මාධ්‍ය පාලනයට කළ උත්සහයක් බවයි. එම විවේචන ද එක්තරා ආකාරයකට සාධාරණ වන අතර වර්තමාන ගෝලීය ඩිජිටල් ලෝකය සමග ගනුදෙනු කිරීමේ දී රාජ්‍යයක සියලු පාර්ශව වඩාත් කල්පනාවෙන් කටයුතු කළ යුතුව තිබේ.

සමාගම්වල මතය

කෙසේවෙතත්, මෙහිදී අදාළ සමාජ ජාලා 26 අයත් සමාගම්වල හැසිරීමද අනුමත කළ නොහේ. ඔවුන් තුන්වන ලෝකයේ රටවල රාජ්‍ය පද්ධති සමග ගනුදෙනු කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර , අවම වශයෙන් මෙවැනි තත්වයක් යටතේ දී වුවද තමන්ගේ දැඩි ස්ථාවර ලිහිල් කිරීමට හෝ සළකා බැලීමට සූදානම් බවක්වත් නොපෙන්වයි.

ඉදිරිය.

මේ සමස්තය තුළ පැහැදිළි වන්නේ කුමක්ද ? අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය, අදහස් ප්‍රකාශ කිරීමෙි වෙිදිකා ලෙසත්, ව්‍යාපාර සදහා වන අත්‍යවශ්‍ය සාධකයක් ලෙසත් ලෝකයේ සෑම අස්සක් මුල්ලකම සිය අණසක පතුරුවා තිබේ.එය ජාතික රාජ්‍යයේ සීමාවන් ඉක්මවා ඇති අතර එම ජාලාවන්ට අත තැබීම නූතන ජාතික රාජ්‍යන්ටද දුෂ්කර වී තිබේ.විශේෂයෙන් ගෝලීය දකුණේ රාජ්‍ය පද්ධතිය මෙහිදී අන්ත අසරණ වී තිබෙි.

ගෝලීය දකුණේ ඇතැම් රාජ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයන්ට එරෙහි අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් සමාජ ජාලා තීරණාත්මක බවට විවාදයක් නැත.එහෙත් එම ජාලා ගෝලීය දකුණේ දුර්වල රාජ්‍යයයන්ට වඩා බලවත්වීම ගෝලීය දේශපාලනය සෞඛ්‍යයට හිතකර නොවන බවද සදහන් කළ යුතුය.එය එක්තරා ආකාරයක දැවැන්ත සමාගම් කිහිපයක් විසින් මෙහෙයවන ඩිජිටල් යටත්විජිතවාදයක් ලෙස හැදින්වීමේ වරදක් නැත.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron