Sunday, March 1, 2026
26.1 C
Sri Lanka

වියත්පුර නිවාස සහ වන්දි යන දෙකම ලබාගත් ඇමතිවරුන් කවුද?

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලේ හේතුවෙන් නිවාස හා දේපළ හානි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන ලද වියත්පුර මහල් නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සහනදායී මිලකට මිලදී ගැනීමට එවකට පැවැති රජය අවස්ථාව ලබාදී තිබේ.

නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101 ක් කුලී පදනම මත වසරක කාලයක් ලබාදීමට 2022 අගෝස්තු මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබූ අතර ඉන් අනතුරුව එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට අනුව රුපියල් මිලියන 15.5 ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22 ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34 ක් ලෙස සහ උපරිම වටිනාකමකින් රුපියල් මිලියන 18.21 ලෙස අඩුකර සහනදායී ක්‍රමවේදයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට කැබිනට් අනුමැතියය හිමි විය.

එහිදී විකුණුම් මිලෙන් 25% ක මුදලක් පළමුව අයකරගෙන ඉතිරි මුදල වසර 15 ක කාලයක් තුළ වාර්ෂිකව 10% ක පොලේ අනුපාතයක් යටතේ ඔවුන්ගේන් අයකර ගැනීමට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

වියත්පුර නිවාස ඉල්ලූ මැති ඇමතිවරුන් කවුද ?

මෙලෙස සහනදා ඒ ක්‍රමවේදය යටතේ නිවාස ලබා ගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දා වන විට විකුණුම් මිලෙන් 25% ක මුදලක් තැන්පත් කරන ලද මන්ත්‍රීවරුන් 29 දෙනාගේ ලැයිස්තුව සැප්තැම්බර් 10 රජයේ නිල වෙබ් අඩවියේ ෆේස් බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත්කරනන ලදී.

ඒ අනුව,

  • ප්‍රේම්නාත් සී. දොළවත්ත,
  • උඩුකුඹුරගේ සුමිත් වීරසිංහ උඩුකුඹුර,
  • සහන් ප්‍රදීප් විතාන,
  • චින්තක අමල් මායාදුන්න,
  • මිලාන් ජයතිලක,
  • අශෝක ප්‍රියන්ත,
  • වඩුගේ ලලිත් වර්ණ කුමාර,
  • ජනක තිස්සකුට්ටිආරච්චි,
  • අජිත් රාජපක්ෂ,
  • එච්.එම්.ඩී බණ්ඩාර හේරත්,
  • එස්.එම්.එම්. මුෂාරෆ්,
  • ආර්.එම්. කුමාරසිරි රත්නායක,
  • පී.ඒ.කේ. අතුකෝරළ,
  • එස්.ඒ. සේමසිංහ,
  • කුලසිංහම් දිලීබන්,
  • නිමල් පියතිස්ස,
  • ගාමිණී වලේබොඩ,
  • මොහොමඩ් ෆුවාර් මොහොමඩ් ෆයිසාල්,
  • එස්.එම්. චන්ද්‍රසේන,
  • අසංක නවරත්න,
  • ගාමිණි ලොකුගේ,
  • මහින්ද යාපා අබේවර්ධන,
  • පියල් නිශාන්ත ද සිල්වා,
  • වීරසිංහ දේවගේ වීරසිංහ,
  • ශාන්ත බණ්ඩාර,
  • අරුන්දික ප්‍රනාන්දු,
  • ප්‍රසන්න රණතුංග,
  • එම්.ඒ. රහීම් අලිසබ්‍රි,
  • සම්පත් අතුකෝරළ

යන හිටපු මන්ත්‍රීවරුන් නිවාස ලබා ගැනීමට අදල මුදල් ගෙවීම සිදුකර තිබේ.

නිවාස ඉල්ලුම් සහ වන්දි යන දෙකම ලබාගත් අය කවුද?

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය ක්‍රියාත්මක වූ සමයේදී නිවාස සහ දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ හානි වලට වන්දි ලබාගත් ගත් පාර්ලිමේන්තු නැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පෙබරවාරි 06 අමාත්‍ය නලින්ද ජයසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එලෙස වන්දි ලබාගත් බවට නලින්ද ජයසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් අයත් නාමලේඛනයටත්, වියත්පුර නිවාස ලබා ගැනීමට ඉල්ලුම් කළ බවට අද (10) නිකුත් කල රජයේ නිල වෙබ් අඩවියේ සඳහන් නාමලේඛනයටත් අයත් නම් කිහිපයක් දක්නට ලැබේ.

  • ප්‍රේම්නාත් සී. දොළවත්ත,
  • ජනක තිස්සකුට්ටිආරච්චි,
  • සම්පත් අතුකෝරළ,
  • අශෝක ප්‍රියන්ත,
  • සහන් ප්‍රදීප්,
  • ෂෙහාන් සේමසිංහ,
  • මිලාන් ජයතිලක,
  • ඩී.බී. හේරත්,
  • ඩබ්ලිව්.ඩී. වීරසිංහ,
  • ශාන්ත බණ්ඩාර,
  • එස්.එම්. චන්ද්‍රසේන,
  • අරුන්දික ප්‍රනාන්දු,
  • සුමිත් උඩුකුඹුර,
  • ප්‍රසන්න රණතුංග,
  • අලි සබ්‍රි රහීම්,

වියත්පුර නිවාස සංකීර්ණය යනු කුමක්ද?

නිවාස නොමැති මධ්‍යම පාන්තික පවුල් ඉලක්ක කර ගනිමින් පන්නිපිටිය, වීර මාවතේ වියත්පුර නමින් නිවාස 500කින් යුත් නිවාස සංකීර්ණයක් 2021 එකේදී ඉදිකිරීමට ආරම්භ කර ඇත.

මෙහි බිම් මහල සහ මහල් නමයකින් යුක්ත නිවාස සංකීර්ණ දක්නට ලැබෙන අතර වර්ග අඩි 750, 950, 1050 ප්‍රමාණයෙන් යුත් නිවාස මෙ යට ඇතුළත්වේ.

මෙම නිවාස සංකීර්ණය නිවාස වලින් නිවාස 147ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයන්ට වෙන්කර ඇති අතර 50 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ද , 101 ක් ආරක්ෂක අමාත්‍යාංශයට ද වෙන්කොට තිබේ.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron