Saturday, December 27, 2025
20.5 C
Sri Lanka

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවද? නැද්ද?

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අධිකරණයට දැනුම් දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමද අද අභ්‍යාසනා අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ට ජනරාල් සුදර්ශන් ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිළ මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගැන නොමැති බවය.

මෙම පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේය.

පෙත්සම්කාර උදය ගමන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශගතව සිටින සිය සේවා දායකයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් එසේ පැමිණෙන අවස්ථාවලදී ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බවත් පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැන් නම් දුන්නේ පෙත්සම්කාර උදය ගම් මං පිළව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් විසින් තීරණයක් ගෙන නොමැති බවය.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙන බවත්, අවසන් තීන්දුවක් ගැනෙන්නේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සම් සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල් තැබීමටද තීන්දු කළේය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron