හෙරොයින් ලඟ තබාගෙන සිටි චීවරධාරියකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පෙරේදා (16) රාත්‍රිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ කවි බණ දේශකයාණන් වහන්සේ නමක් වන ගනේකන්දේ චන්දරතන හිමි බව වාර්තාවේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 31 වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් සතුවද හෙරොයින් ග්‍රෑම් 17 ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් තිදෙනා ඊයේ (17) පොල්ගහවෙලා අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබා දී තිබේ.
මෙම සැකකරුවන් මිනුවන්ගොඩ නේවි දිනේෂ් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පැවසේ.


