Sunday, March 1, 2026
18 C
Sri Lanka

රජයේ සේවාවන් ගන්න සුපර් ඇප් එකක්

තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘රජයේ සුපර්ඇප්’ යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එකිනෙකට වෙනස් පද්ධති, බහු-සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම් සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ද ඇස්තමේන්තු කර තිබේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මඟින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘රජයේ සුපර්ඇප්’ යෙදවුම (Government SuperApp) සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ ඇත.

සියලුම රාජ්‍ය සේවාවන් පොදු එක් පරිශීලක හිතකාමී ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ මිලියන 14ක් වූ වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට සහ වාර්ෂිකව පිවිසෙන්නන් මිලියන 2කට එක් අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවාවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ඩිජිටල් වේදිකාවක් මෙම ව්‍යාපෘතිය මඟින් සකස් කරනු ඇත.

ඒ අනුව, ‘රජයේ සුපර්නැප්’ (Government SuperApp) යෙදවුම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 500ක් භාවිතයෙන් 2025 – 2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron