Monday, March 2, 2026
17.5 C
Sri Lanka

දරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් නව නීතියක්

දරුවන්ට එරෙහිව ශාරීරික හා මානසික හිංසනයන්, දඬුවම් කිරීම් සහ නොසලකා හැරීම් තහනම් කරමින් නව නීති සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (24) කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ රැඳවුම් නිවාසවලදී ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් දඬුවම් කිරීම, නොසලකා හැරීම ඇතුළු විවිධ ක්‍රියා මගින් කෲරත්වයට පත්කිරීම තහනම් කරමින් ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ 24 වැනිදා සම්මත කරගත් එම සංශෝධනයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 82, 308, 314, 316, 341 වගන්ති සංශෝධනය කිරීමට ඒ අනුව බලාපොරොත්තු වේ.

මෙම පනත් කෙටුම්පත දවස පුරා විවාදයට ලක් වුවත්, එය සම්මත කිරීම වෙනත් නීති සංශෝධනයක් සමඟ ඉදිරි දිනකදී සිදු කරන බව විවාදයේ අවසානයේදී අමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

දරුවන්ට දඬුවම් කිරීම මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඇති බව ඇය සඳහන් කළා ය.

මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ දරුවන් සියලු ආකාරයේ හිංසනයන්ගෙන් මුදා ගැනීම බව සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පෙන්වා දෙයි.

දරුවන් නිවැරදි කිරීමේ අරමුණින් සිදු කරන ශාරීරික, මානසික සහ වාචික හිංසනයන් නව නීතිය යටතේ අපරාධයක් ලෙස සැලකේ.

මෙම නීතිය සම්මත වූ පසු, දෙමාපියන්ට, ගුරුවරුන්ට හෝ වෙනත් වැඩිහිටියන්ට දරුවන්ට හිංසා කිරීමට හෝ කෲරත්වයට පත් කිරීම නීතිවිරෝධී වේ.

ශාරීරික දඬුවම් මෙන්ම, ලැජ්ජාවට පත් කිරීම, වාචික හිංසනය පවා එමගින් වැරදි ලෙස නම් කර තිබේ.

විශේෂයෙන් පාසල් තුළ දරුවන්ගේ ආත්ම ගරුත්වයට හානි කරන දඬුවම්, එනම් කොණ්ඩය කැපීම, ගවුමේ වාටිය ලිහීම හෝ සපත්තු පොලිෂ් හිසේ ගෑම ආදී අපහාසාත්මක ක්‍රියා සිදු කිරීම කිසිසේත්ම කළ නොහැකි බව ද අමාත්‍යවරිය එහිදී අවධාරණය කළේ ය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron