Wednesday, December 24, 2025
22.9 C
Sri Lanka

දරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් නව නීතියක්

දරුවන්ට එරෙහිව ශාරීරික හා මානසික හිංසනයන්, දඬුවම් කිරීම් සහ නොසලකා හැරීම් තහනම් කරමින් නව නීති සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (24) කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ රැඳවුම් නිවාසවලදී ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් දඬුවම් කිරීම, නොසලකා හැරීම ඇතුළු විවිධ ක්‍රියා මගින් කෲරත්වයට පත්කිරීම තහනම් කරමින් ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ 24 වැනිදා සම්මත කරගත් එම සංශෝධනයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 82, 308, 314, 316, 341 වගන්ති සංශෝධනය කිරීමට ඒ අනුව බලාපොරොත්තු වේ.

මෙම පනත් කෙටුම්පත දවස පුරා විවාදයට ලක් වුවත්, එය සම්මත කිරීම වෙනත් නීති සංශෝධනයක් සමඟ ඉදිරි දිනකදී සිදු කරන බව විවාදයේ අවසානයේදී අමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

දරුවන්ට දඬුවම් කිරීම මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඇති බව ඇය සඳහන් කළා ය.

මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ දරුවන් සියලු ආකාරයේ හිංසනයන්ගෙන් මුදා ගැනීම බව සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පෙන්වා දෙයි.

දරුවන් නිවැරදි කිරීමේ අරමුණින් සිදු කරන ශාරීරික, මානසික සහ වාචික හිංසනයන් නව නීතිය යටතේ අපරාධයක් ලෙස සැලකේ.

මෙම නීතිය සම්මත වූ පසු, දෙමාපියන්ට, ගුරුවරුන්ට හෝ වෙනත් වැඩිහිටියන්ට දරුවන්ට හිංසා කිරීමට හෝ කෲරත්වයට පත් කිරීම නීතිවිරෝධී වේ.

ශාරීරික දඬුවම් මෙන්ම, ලැජ්ජාවට පත් කිරීම, වාචික හිංසනය පවා එමගින් වැරදි ලෙස නම් කර තිබේ.

විශේෂයෙන් පාසල් තුළ දරුවන්ගේ ආත්ම ගරුත්වයට හානි කරන දඬුවම්, එනම් කොණ්ඩය කැපීම, ගවුමේ වාටිය ලිහීම හෝ සපත්තු පොලිෂ් හිසේ ගෑම ආදී අපහාසාත්මක ක්‍රියා සිදු කිරීම කිසිසේත්ම කළ නොහැකි බව ද අමාත්‍යවරිය එහිදී අවධාරණය කළේ ය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron