Wednesday, December 31, 2025
26.1 C
Sri Lanka

සෞන්දර්ය විශයට සංහිඳියාව ඇති කරන්න පුළුවන්!

සිසුන් තුළ අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති කිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය මගින් සාර්ථකව සිදු කළ හැකි ය…
– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සියලු සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය අංග පිළිබඳ සරල අවබෝධයක් සහ හඳුනාගැනීමක් සියලු ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඒ තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති වන බවත් ඉස්ලාම් ආගමික උපදේශක මණ්ඩලය අමතමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය

පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් අනතුරුව සිසුන් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමු වීම හරහා ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්‍යාපනය ද ක්‍රියාකාරකම් පාදක වනු ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවා ය.

සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳ කරන ලද යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්‍යාලේඛන විමසා බලා දත්ත මත පදනම් ව අවශ්‍යතාව අනුව බඳවා ගැනීම් කළ හැකි බව ද අමාත්‍යතුමිය මෙහි දී ප්‍රකාශ කළා ය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron