Wednesday, December 24, 2025
25 C
Sri Lanka

Bread Theory එක ඇප්ලයි කරන්න බෑ අල්ලස්වලට.

අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසයි.

කොළඹදී අද (25) පැවති දේශනයකදී ඔහු මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙම දේශනය සංවිධාන කර තිබූ අතර, ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනිවිදභාවය සහ සුපිරිපාලනය යන මාතෘකාව ඔස්සේ මෙය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් ඉද්දවල මහතා,

“2024 වර්ෂයේදී අපි ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුවා. ඒකෙදි මහජන මතය අනුව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන කියලා මහජනතාව තෝරපු ආයතන 10ක් විතර මම කියන්නම්.

නොම්බර එක පොලීසිය, දෙක දේශපාලනය, තුන රේගුව. ඒ වගේම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව, පාසල් හා අමාත්‍යාංශ. ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාල යනාදිය මහජනතාවගේ මතය.

කෙසේ වෙතත් ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5ක් අපි හඳුනාගෙන තිබුණා. එක රේගුව, දෙවැනි ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආයතන දෙපාර්තමේන්තුව. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව. ආගමන හ විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාල.

ඒ වගේම තවත් ආයතන තියෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය. මේ වගේ ආයතන තුළින් දූෂණයට වඩා, දූෂණය සිදුකරනවා. ඒවා තුළින් දූෂණය කරන පුද්ගලයින්ට තෝතැන්නක් හදලා දෙනවා, මුදල් විශුද්ධිකරණය සඳහා ඉඩහස ලබාදෙනවා.

එතකොට මම අර කියපු සමීක්ෂණයේදී දූෂිත සංස්කෘතියක් සඳහා ඉවහල්වන කරුණු ලෙස මහජනතාව දැක්වූයේ මෙන්න මේ කාරණා.

ඒක තමයි නීතිය හා සාමය නිසි පරිදි රටේ ක්‍රියාත්මක නොවීම. දූෂිත සංස්කෘතියක් රට තුළ ජනිත වීම. ඒ වගේම අල්ලස හා දූෂණය පිළිබඳ මහජනතාව පියවර නොගැනීම.

එතනදී අපට කියන්න බැහැ එයා කැමැත්තෙන් ඉල්ලුවා, මම කැමැත්තෙන් දුන්නා. ඒක හින්දා මේක, අල්ලසක් හෝ දූෂණයක් නෙවෙයි කියලා” යනුවෙන් පැවසීය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron