Tuesday, December 30, 2025
21.4 C
Sri Lanka

ඉෂාරා සෙව්වන්දි අද දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් අතර දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතමයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නො‍හොත් ‘ගණේමුල්ල සංජීව’ ඉකුත් පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර, කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වය විසින් අදාළ ඝාතනය සිදුකර තිබුණි.

ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් අතර, අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී අනාවරණ වුණේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවය.

අදාළ කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන විත් ඇති බවට එහිදී හෙළිවූ අතර, ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් කාන්තාව බවය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron