අද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මෙලෙස ප්‍රකාශ කර සිටියේ ය. ඉෂාරා සෙව්වවන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යාවේදීන් නාමල් රාජපක්ෂ වෙත යොමු කළ අතර එයට පිළිතුරු දෙමින් නාමල රජපක්ෂ මෙලෙස අදහස් ප්‍රකාශ කළේ ය.
ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට අරන් කියලා මාධ්‍ය සඳහන් කරා. ඉතිං දැන් ලංකාවට ගේන්න උත්සහ කරනවා කියලා කීවා. ඒ හින්දා ඉක්මනට ලංකාවට ගෙනෙයි කියලා අපි හිතනවා. ඒත් එක්කම මේ සංවිධානාත්මක අපරාධකරුවන් පිටිපස්සේ ඉන්නේ කවුද? ඔවුන්ට සහයෝගය දෙන්නේ කවුද? මේ සියලු කාරණා දැනගත යුතුයි. මේ සියල්ල සම්බන්ධයෙන්ම අපක්ෂපාති පරීක්ෂණයක වෙන්න ඕන. පාස්පෝට් 17 ක් හොරෙන් හදාගෙන ගියා කියලා නියෝජ්‍ය ඇමතිවරයා කියනවා. පාස්පෝට් 17 කාගෙද කියන්නේ නෑනේ. වාරායේ කුඩු තියන කන්ටේනර් දෙකක පැන්නුව කියනවා. පරීක්ෂා නොකර යවපු 323 ක් තියනවා. ඒවා පන්නුවේ කවුද කියන්නේ නෑනේ. ඒවාත් හොයන්න. හොයලා සංවිධානාත්මක අපරාධකරුවන් පිලිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.


