Saturday, February 28, 2026
25.1 C
Sri Lanka

ඉෂාරා ඇතුළු හයදෙනාගෙන් පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරයි

අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් මේවන විට පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින් සිටී.

ඒ අතර ඉෂාරා සෙව්වන්දිගෙන් සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින බව වාර්තා වේ.

අපරාධකරුවකුවන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලීසිය සමඟ එක්ව සිදුකළ විශේෂ මෙහෙයමුකදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව අපරාධකරුවන් කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනෙකු විසිනි.

ඊයේ (15) පස්වරු 6.52ට පමණ අපරාධකරුවන් රැගත් ගුවන්යානය මෙරටට ළඟාවුණි.

එලෙස පැමිණි අපරාධකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙත භාරදෙනු ලැබීය.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි, ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි, ජේ.කේ. බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදුන්නේය.

ගම්පහ බබා නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාරදුන් අතර නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.

මේ අතර ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය මෙලෙස පවසා තිබේ.

" ගණේමුල්ල සංජීවට වෙඩි තියන්න අලුත්කඩේ උසාවියට ආව වෙලාවේ මම ලෝයර් කෙනෙක් කියලා රැවටිච්ච ගෑනු කෙනෙක් මට නඩුවකට කතා කරන්න භාරදුන්නා. 

කොමාන්ඩෝ සමිඳුත් එක්ක ගණේමුල්ල සංජීවට වෙඩිතියන්න ආව වෙලාවේ මම හිටියේ නීතීඥවරුන්ට වෙන්වෙච්ච විවේක කාමරයේ. එතනට ආව බොහොම අසරණ පෙනුමක් තියන ගෑනු කෙනෙක් මට කතා කළා. 

එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා. ඒ ගෑනු කෙනාගේ මනුස්සයා එයාට හොඳටම ගහලා ඒකේ නඩුව අලුත්කඩේ උසාවියේ තියෙන්නේ. 

ඒ මනුස්සයා මට කිව්වා මැඩම් මගේ ළඟ අමාරුවෙන් හොයාගත්ත රුපියල් දාහක් විතරයි තියෙන්නේ. මේක අරගෙන මාගේ නඩුවට කතා කරනවද කියලා. මට ඒ වෙලාවේ ඒ ගෑනු කෙනා ගැන ගොඩක් දුක හිතුණා."

මම එයාට කිව්වා මම ඇවිත් ඉන්නේ වෙන නඩුවකට කතා කරන්න. ඒ නිසා ඔය නඩුව අතන ඉන්න මැඩම්ට දෙන්න කියලා. එහෙම කියලා මම ඒ මනුස්සයට මගේ පේන මානයේ හිටිය වෙන වෙන ලේඩි ලෝයර් කෙනෙක් ළඟට ඇරියා. 

අර ගෑනු කෙනා ඒ ලෝයර් ළඟට ගිහින් එයාගේ කතාව කිව්වා. ඒ ලෝයර් නඩුවට පෙනී ඉන්න රුපියල් 2000 ඉල්ලුවා. අර මනුස්සයා බොහොම අසරණ විදිහට මගේ දිහා බැලුවා. මම එයාට කාමරෙන් එළියට කතා කරලා මගේ ළඟ තිබුණු රුපියල් 5000ක් එයාට දීලා නඩුවට කතා කරන්න අර මැඩම්ව ගන්න කිව්වා. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා.''

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron