බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටවනු ලැබු පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පුද්ගලික ආයතන හතර සඳහා පත්කළ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාල පත්විම් ලිපි ලබා දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අලුතින් පිහිට වූ සමාගමක් වන නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශණ පෙරේරා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලුත්ගේ හා යූ.ඩී. නෙරංජිත් යන අය පත් කර ඇත.
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් හී සභාපති ලෙස පී.එන්.එස්. කුමාරතුංග පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ හා එන්.එන්. වෙත්තසිංහ යන අය පත් කර තිබේ.
ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සභාපති ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න හා ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි පත් කරනු ලැබීය.
එමෙන්ම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති ලෙස ආර්. රෝහිත ජයරත්න පත් කෙරුණ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී ඒකනායක සහ සී.කේ. රණතුංග ද පත් කර තිබේ.


