Saturday, February 28, 2026
25.1 C
Sri Lanka

ඉෂාරා සෙව්වන්දි ගැන විමර්ශන වාර්තාවක්

ඉෂාරා සෙව්වන්දි සම්බන්ධ විමර්ශන වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (22) කොළඹ මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

එහිදි විමර්ශන නිළධාරින් පැවසුවේ මේ වන විට සැකකාරිය දින 90ක් රඳවා ප්‍රශ්න කිරිම ආරම්භ කර ඇති අතර ඇය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කඩිනමින් අධිකරණය වෙත වාර්තා කරන බවයි.

සැකකාරිය නිරික්ෂණ කරන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයා වන බැවින් විමර්ශන වාර්තා සියල්ල එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නිලධාරින්ට නියෝග කළේ ය.

සැකකාරියට අධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කල තවත් දෙදෙනෙකු දින 90ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසරය ලබාගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධ විමර්ශනවලට අදාලව නියෝග කිහිපයක් ලබා ගැනිමට අවශ්‍ය බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්විය.

එහිදි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුයේ එම පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කර ඇත්දැයි දන්වන ලෙසයි.

ගණේමුල්ල සංජිව ඝාතනය සම්බන්ධයෙන් මේවන තෙක් ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බවත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හා අපරාධ සිදුකිරිම පිණිස සැකකාර ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකපිට රඳවා ප්‍රශ්න කරනබවත් නිලධාරින් ප්‍රකාශ කළේය.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පැවසුවේ රඳවා ප්‍රශ්න කරන පුද්ගලයින් පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර නොමැති නම් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරිමට අධිකරණයට නොහැකි බවයි.

එබැවින් ඔවුන් සම්බන්ධව වෙනම බී වාර්තාවකින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝල කෙරුණි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron