කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිමට යෝජනා

දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අම්පාර උහන දී ආරම්භ කිරීමට පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම මස 09 වැනි ඉරිදා දින පෙරවරු දහයට වැවිලි සහ ප්‍රජ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහනේ සමාරම්භය අම්පාර උහන නගරයේදී සිදු කිරීමට කටයුතු යොදාඇත.

මෙහිදි, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා තෝරාගත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ හැර ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2.5ක් සඳහා පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදා දීමට සැලසුම් කර ඇති අතර මෙමගින් අක්කර 7,812ක පොල් වගාවක් ඇති කිරිමට අපේක්ෂිතය.

ප්‍රජා ශක්ති කමිටු මගින් තෝරා, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් අනුමත කරගත් එම ප්‍රතිලාභින්ගේ දෛනික පරිභොජනය සඳහා පොල් තම ගෙවත්තෙන්ම ලබා ගැනිමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය. එමෙන්ම පොල් පැළ බෙදාදීමේ සිට පොල් අස්වැන්න නෙළන අවස්ථාව තෙක්ම පොල් වගා කිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශිය නිළධාරින් සමග ප්‍රජා ශක්ති කමිටුවේ නිලධාරින් විසින් පුර්ණ අධීක්ෂණයක් සිදු කිරිමට නියමිතය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron