Saturday, February 28, 2026
25.5 C
Sri Lanka

“මාරියා” නොවැම්බර් 21 දා සිට….

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ “මාරියා” චිත්‍රපටය නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය අරඹනවා.

මාරියා චිත්‍රපටය දිනාගත් අන්තර්ජාතික සම්මාන පහත පරිදි පෙළගැස්විය හැකියි.

*වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවුනා. හොඳම නළුවා සම්මානය එකවර හත් දෙනෙකු දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.
එය සංකේතවත් කරමින් පසුගියදා මාරියා චිත්‍රපටයේ Trailer Launch උත්සවයේදී ඔවුන් සියළු දෙනාටම සම්මාන බෙදාදීම ද සිදු කෙරුණා.

*ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී ග්‍රීන් රෝස් සම්මානය දිනාගන්නට සමත්වුණා.

*එමෙන්ම රුසියාවේ පැවැති “සල්ටා ඉයුරේෂියන් බ්‍රිජ් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයටද පාත්‍ර වුනා.

*54 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරි අංශය සඳහා ද නිර්දේශ වූ “මාරියා” , රුසියාවේ පැවැති මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද සමත්වුනා.

මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම
මුහුද මැද රූපගත කර තිබීම සුවිශේෂී වන අතරම රංගන ශිල්පීන් පමණක් රංගනයෙන් එක් වීමත් තවත් සුවිශේෂී කරුණක් වෙනවා.

හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක මේ සදහා රංගනයෙන් දායක වනවා. එමෙන්ම මෙම රංගන ශිල්පීන් හත් දෙනා විසින් මෙහි ගීතයක් ගායනා කිරීමද විශේෂත්වයක් වනවා.

බිමල් ජයකොඩි විසින් මාරියා චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය ගායනා කරනු ලබනවා.

මාරියා චිත්‍රපටය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂනයක් වන අතර ඉන්ද්‍රජිත් සිල්වා මෙය නිෂ්පාදනය කරනු ලැබුවා.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron