සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.
සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්විය.
ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමු කර තිබේ.


