Saturday, February 28, 2026
26.7 C
Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පාකිස්තාන හමුදාව

ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි පවසයි.

තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග එරට පාර්ලිමේන්තුවට අද (13) දැනුම්දෙමින් ඔහු මේ බව පැවසීය.

පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් මහතා ද මෙම ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුම්වත්කර ඇති බවද සඳහන්.

“අපේ හමුදාව සහ පැරාමිලිටරි භටයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා”

මොහ්සින් නක්වි පවසයි. ශ්‍රී  ලංකාව හා පාකිස්තානය අතර පසුගිය අඟහරුවාදා (11) පැවති පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි අධිකරණයක් ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවිය.

පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 27කට තුවාල සිදුකරමින් එල්ල වූ මෙම ප්‍රහාරය වසර ගණනාවකට පසු ඉස්ලාමාබාද් හිදී සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.

එම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට ක්‍රිකට් ක්‍රීඩාංගණයට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට ඇත්තේ කිලෝමීටර 10කටත් අඩු දුරක්ය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron