Monday, December 29, 2025
25.9 C
Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පාකිස්තාන හමුදාව

ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි පවසයි.

තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග එරට පාර්ලිමේන්තුවට අද (13) දැනුම්දෙමින් ඔහු මේ බව පැවසීය.

පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් මහතා ද මෙම ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුම්වත්කර ඇති බවද සඳහන්.

“අපේ හමුදාව සහ පැරාමිලිටරි භටයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා”

මොහ්සින් නක්වි පවසයි. ශ්‍රී  ලංකාව හා පාකිස්තානය අතර පසුගිය අඟහරුවාදා (11) පැවති පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි අධිකරණයක් ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවිය.

පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 27කට තුවාල සිදුකරමින් එල්ල වූ මෙම ප්‍රහාරය වසර ගණනාවකට පසු ඉස්ලාමාබාද් හිදී සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.

එම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට ක්‍රිකට් ක්‍රීඩාංගණයට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට ඇත්තේ කිලෝමීටර 10කටත් අඩු දුරක්ය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron