අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබේ.

අද පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර අද දිනයේ අයවැය දෙවන වර කියවීයේ විවාදයේ ජන්ද විමසීමේදී ඊට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව විපක්ෂය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසුවේ මෙවර අයවැය ජනතාවට සහන නොදුන් අයවැයක් හේතුවෙන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවය.

සමගි ජන බලවේගයද අයවැයට විපක්ෂව ජන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක පැවසීය.

Hot this week

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව...

අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා...

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...

Topics

ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

බන්ධනාගාරය තුළ ව්‍යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන...

බොරු තොරතුරක් සමාජගත කල තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර...

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron