Wednesday, December 24, 2025
20.4 C
Sri Lanka

ASP උසස්වීම්වලට එරෙහි පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි

2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී  ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ අනුව එම උසස්කිරීම් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල්තැබීය.

මෙම පෙත්සම් ඊයේ (17) අගවිනිසුරු වූ ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්හ.

පෙත්සම්කාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු කියා සිටින්නේ 2019 වසරේ පැවති සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා වූ පරීක්ෂණයට තමන් ද සහභාගි වූ බවය. 

එහිදී අපේක්ෂකයින්ට ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ පටිපාටිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඔවුන් චෝදනා කළේය.

එම පරීක්ෂණවලින් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 232 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කෙරුණු බවත් ඔවුන් පෙන්වා දෙයි.

එම උසස් කිරීම් සියල්ල නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron