Monday, December 29, 2025
20.8 C
Sri Lanka

චිත්‍රපට නිෂ්පාදනයට මෙරටට පැමිණෙන්නැයි ඇමති විජිතගෙන් ඉන්දියාවට ආරාධනා

ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය.

ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඊයේ (19) සංවිධානත්වය කර තිබූ වැඩසටහනේ දීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,

"මෑත වසරවලදී, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාලතම වෙළඳපොළයි. ශක්තිමත් ගුවන් සම්බන්ධතාවයක් සහ සංස්කෘතික බැඳීම් මගින්, අප දෙරට ස්වභාවිකවම සංචාරක හවුල්කරුවන් වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව, සංචාරක සහයෝගීතාව සහ ආයෝජන ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි අපට තිබෙන ඒකාබද්ධ උනන්දුව මින් පිළිබිඹු වේ.

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය අංශයකි. මෙම සතියේ, අප රටට පැමිණි මිලියන 02 සනිටුහන් කරන සංචාරකයා අප පිළිගත් අතර, මේ වසර අවසන් වන විට මිලියන 2.4 - 2.5 අතර සංචාරක පැමිණීමක් අපේක්ෂා කරමු. එය අප සංචාරක ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක්. 2030 වන විට, අපි සංචාරකයින් මිලියන 4ක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් අපේක්ෂා කරමු.

මෙම ඉලක්කයට ළඟා වීම සඳහා, ශ්‍රී ලංකාව තිරසාරභාවය, වෙළඳපල විවිධාංගීකරණය, ශක්තිමත් ගුවන් සම්බන්ධතා සහ ඩිජිටල් පරිවර්තනය යනාදිය සඳහා ප්‍රමුඛත්වය දී ඇත. මීට අමතරව “සංචාරක ව්‍යාපාරයේ අනාගතය පිළිබඳ රියාද් ප්‍රකාශනය”ට අනුකූලව ජාතික සංචාරක සැලසුම්කරණයට AI සහ ඩිජිටල් මෙවලම් ඒකාබද්ධ කිරීම ඇතුළු ගෝලීය ප්‍රවණතා එකතු කරගැනීමටත් අප සූදානමින් සිටිමු.

මෑත කාලය තුළ ඉන්දියානු සංචාරක පැමිණීම් ඉහළ ගොස් තිබෙන අතර ඒ සඳහා නිදහස් වීසා ප්‍රවේශ පහසුකම සහ ඉලක්කගත ප්‍රවර්ධන වැඩසටහන් හේතු පාදක විය. ඒ අනුව ඉන්දියානු සංචාරකයින් සඳහා ‘කෙටි-දුර ගමනාන්ත’ අතරින් ඉහළම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක් වී ඇත.

මේ වන විට අපි නාගරික විවේකයන්, වෙරළ, උරුම මාර්ගයන්, MICE සංචාරක ව්‍යාපාරය, ගමනාන්ත විවාහ, චිත්‍රපට සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිකට් සංචාරක ව්‍යාපාරය ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත්තෙමු. ඉන්දියානු නගර පුරා අප දියත් කළ සංදර්ශන, B2B ක්‍රියාකාරකම් සහ ගුවන් සේවා හවුල්කාරිත්වයන් මෙම සාර්ථකත්වය සඳහා මග පාදන ලදි.

අපගේ වසර 2,500ක සම්බන්ධතාවය සලකා බැලීමේ දී, බෞද්ධ චාරිකා සහ රාමායන මංපෙත් ඇතුළුව ආගමික සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු අවස්ථාවක් පවතින බව හඳුනාගත හැකි ය. ඒ අනුව ආගන්තුක සත්කාර ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, උත්සව අවස්ථා සහ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට තව තවත් පැමිණෙන ලෙසත් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් සහ ආයෝජකයින්ව දිරිමත් කරමු.

අපි එක්ව ක්‍රියා කරන විට ශ්‍රී ලංකා - ඉන්දියානු සහයෝගීතාව වඩාත් ශක්තිමත් වේ. ඒ අනුව අද පවත්වනු ලබන මෙම වැඩසටහන නව අවස්ථා විවර කිරීමටත් සංචාරක ක්ෂේත්‍රයේ අපගේ හවුල්කාරිත්වය තීව්‍ර කිරීමටත් හේතු වනු ඇතැයි මම විශ්වාස කරමු."

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron