Wednesday, December 31, 2025
25.4 C
Sri Lanka

නුගේගොඩ රැලියේ පරිශ්‍රයෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලීසියෙන් ගලවයි

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන “මහා ජන හඬ” රැලිය අද පස්වරු දෙකට නුගේගොඩ  “ආනන්ද සමරකෝන්” එළිමහන් රංග පීඨයේදී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම ජනරැලිය සඳහා සමගි ජන බලවේගය, සර්වජන බලය හා ජාතික නිදහස් පෙරමුණ සහභාගි වන්නේ නැහැ.

එහි සූදානම පිළිබඳ සොයා බැලීම සඳහා විපක්ෂ දේශපාලන නියෝජිතයින් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ සිටියහ.

මේ අතර එම රැලියේදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබුණි.

එම නිවේදනයේ දැක්වෙන්නේ එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 08.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 02.00 සිට පස්වරු 05.00 දක්වා අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යුතු බවය.

එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව රැස්වීම පැවැත්වෙන පරිශ්‍රයෙන් පිටත සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron