Sunday, December 28, 2025
19.9 C
Sri Lanka

පිළිකා රෝගීන්ගේ රු.42,000 ඖෂධය රු. 26,332 දක්වා අඩු කෙරේ!

තවත් ඖෂධ වර්ග 200 ක මිල පාලනය කිරීම සඳහා කරුණු සළකා බැලේ.

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ තුළින් මෙරට වෙළෙදපොලේ ඖෂධ රැසක මිල ගණන් දැවැන්ත ලෙස අඩුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කිරීම සිදු කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) නව ඖෂධ වර්ග කිහිපයක් වෙළෙඳපොලට හදුන්වාදීම වෙනුවෙන් එහි මුල්ම ඖෂධ කාණ්ඩ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදුන්වාදීම වෙනුවෙන් පසුගියදා පැවැති අවස්ථාවට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතුව පවතින බවත්, එම නියාමන කටයුතු 2016 වසරේ සිට සිදු කළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 වර්ෂයේ දෙසැම්බර් මස සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වී තිබූ බව අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

මෙම වාතාවරණය තුළ පෞද්ගලික ඖෂධ අලෙවිකරුවන් සහ පෞද්ගලික රෝහල් පවා කිසිදු පාලනයකින් තොරව වැඩි මිල ගණන් අය කරන බව ද නිරීක්ෂණය වූ බව ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම තත්ත්වයට විසදුමක් ලෙස ඖෂධ මිල නියාමනය සම්බන්ධව පසුගියදා නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බවත් එම ගැසට් පත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බව ද අමාත්‍යවරයා  පැවසීය.

ඒ අනුව එම ගැසට් පත්‍රය ප්‍රකාරව මෙරට ඖෂධ වර්ග 350 ක් සඳහා නව මිල මෙම සතිය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කළ බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මේ පිළිබඳ ඖෂධ සැපයුම්කරුවන්, ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් මේ වන විටත් දැනුවත් කර ඇති බව ද පැවැසීය. ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 200 ක මිල පාලනය සඳහා මේ වන විටත් කරුණු සළකා බලමින් සිටින බව ද පැවැසීය.

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 350 ක මිල පාලනය සිදුවන බවත්  අවධාරණය කළ අමාත්‍යවරයා උදාහරණයක් ලෙස පාලන මිල නියම කිරීමත් සමග පිළිකා රෝගීන්ට මෙතෙක් රුපියල් 42,000 කට පමණ අලෙවි කළ (Paclitaxel (Protein bound particles) for injectable suspension 100mg/vial) එන්නතක් රුපියල් 26,332 ක් දක්වා ද අංශභාග රෝගීන්ට ලබාදෙන (Nimodipine IV Infusion BP 10mg/50ml) රුපියල් 6,348 ක ඖෂධයක් රුපියල් 4,100 දක්වා අඩුවන බව ද පැවැසීය.

ඖෂධ මිල ඉහළයාමත් සමග ඇතැම් රෝගීන් වෛද්‍යවරුන් නිර්දේශ කරන නිසි මාත්‍රාවෙන් ඖෂධ මිල දී ගැනීම සිදු නොකිරීමට පෙළෙඹී සිටි බවත් මෙලෙස ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීම තුළින් ජනතාවට නිසි ඖෂධ මාත්‍රාවන් ප්‍රමාණයන් ලබාගැනීමට අවස්ථාව උදාවන බව ද පැවැසීය.

දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මෙරටට අවශ්‍ය ගුණාත්මකතාවයෙන් ඉහළ  ආරක්ෂාකාරී, ක්‍රියාකාරී ඖෂධ  නිෂ්පාදනය සහ පහසු මිලට ලබාදීමට පිහිටුවා ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (State Pharmaceuticals Manufacturing Corporation – SPMC) මෙම වසරේ නව ඖෂධ වර්ග කිහිපයක් වෙළෙදපොලට හදුන්වාදීමට පියවර ගෙන ඇත.

ඒ යටතේ මෙම වසරේ හඳුන්වා දෙනු ලබන Celecoxib  200 mg සහ Sitagliptin  100 mg යනුවෙන් හදුන්වන නව මුල් ඖෂධ වර්ග කාණ්ඩ ද්විත්වය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ‌වෙත හදුන්වාදීම මෙහිදි සිදු කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීම සිදු කරනු ලැබීය. 

එහිදී හදුන්වා දුන් ඖෂධ අතරින් Celecoxib 200 mg ඖෂධය ඉදිමුම් සහිත වේදනා, ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis) සහ Premoted arthritis සඳහා ලබාදෙනු ලබයි. මෙම නිෂ්පාදනය සඳහා වන අවම සිල්ලර මිල රුපියල් 17.60 කි. 

Sitagliptin 100 mg ඖෂධය දෙවන වර්ගයේ (Type 02) දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙනු ලබන ‌අතර, මෙම ඖෂධයේ උපරිම සිල්ලර මිල රුපියල් 32 කි.

ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණාත්මකතාවෙන් යුතු අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරනු ලබන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව  ඖෂධ නිෂ්පාදනය,  සැකසීම, ගබඩා කිරීම, ඇසුරුම් හා නැවත ඇසුරුම් කිරීම, තාක්‍ෂණික විශේෂඥ දැනුම සැපයීම, ඖෂධ පර්යේෂණ සහ ඖෂධ ප්‍රමිතිකරණය, අලෙවිය සහ ප්‍රවර්ධනය ආදී කටයුතු රැසක් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ඒ.අතුරලිය යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron