Wednesday, December 31, 2025
21.2 C
Sri Lanka

වසර 24කට පසු හිටපු යුද හමුදා කපිතාන්වරයෙකුට ලැබුණ නිදහස

2001 වසරේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ හලකට කඩා වැදී රම්බෝ පිහියක් හා ගිනි අවියක් පෙන්වා රුපියල් 20,000/- ක වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කපිතාන්වරයකු සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා වසර විසි හතරකින් පසුව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය විනිසුරුවරිය නියම කළාය.

දීර්ඝ විභාගයකින් අනතුර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම තීන්දුව ලබාදුන්නාය.

ඒ අනුව හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු වන උදයශාන්ත කොඩිතුවක්කු දිසානායක සහ ඔහුගේ පුද්ගලික රියැදුරු වන ඉලංග ශිරාන් යන අය මෙලෙස නිදහස් කිරීමට නියම කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි සඳහන් කළාය.

විත්තිකරුවන්ට එරෙහිව ජංගම දුරකථනයක් කොල්ල කෑ බවට චෝදනා ඉදිරිපත් කර තිබුණද ජංගම දුරකතයක් පිළිබඳව කිසිඳු සාක්කිකරුවකුගෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බවත්  පැමිණිල්ලේ සාක්කිකරුවන්ගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.

ඒ අනුව සාධාරණ සැකයෙන් චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරිය සිය තීන්දුව තුළින් සඳහන් කළාය.

මෙම සිද්ධියට සම්බන්ධ ගිනි අවිය වායු රයිෆලයක් බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තා කර තිබියදී නීතිපතිවරයා විසින් ගිනි අවි පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

2001 වසරේ අප්‍රේල් මස 12 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදී රම්බෝ පිහියක් සහ ගිනි අවියක් පෙන්වා එහි සිටි සෙල්වරාජා සිවකුමාර් නමැත්තකුගේ රුපියල් 20,000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් කොල්ලකෑම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

2023 වසරේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ ගිනි අවි චෝදනාව  ඉවත් කරගනු ලැබු අතර ඉන් පසුව සංශෝධිත චෝදනා පත්‍රයක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය පැවැත්වුණි.

ඉන්පසුව පැවැත්වුණු නඩු විභාගයකින් අනතුරුව  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron