අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන් ගලවාගැනීමේ සහන මෙහෙයුමට කොළඹ නැංගුරම් ලා ඇති ඉන්දීය යුද නෞකාවේ ඇති හෙලිකොප්ටර්වල සහාය ලැබී තිබෙනවා.
‘දීට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ අඛණ්ඩව ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා මෙලෙස සහාය ඉල්ලා ඇති බවයි අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
කෙසේ නමුත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගුවන් යානා ගුවන් ගත කිරීමේ ගැටලුවක් ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් සමඟ විශේෂ රැස්වීමක් අද සවස පැවැත්වීමට නියමිත බවයි ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

