Saturday, February 28, 2026
18.2 C
Sri Lanka

ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කිරීම තවදුරටත්

ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බවය.

කෙසේ නමුත් මෙම නිදහස් කරන ජල ප්‍රමාණයෙන් මගින් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත්  සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව ඉදිරියේදී වර්ෂාව ලැබීමේ හැකියාවක් පවතින බැවින් මෙම තත්ත්වයන්  නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින කාර්යාල පැය 24ම විවෘත කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකරන බවත් ඒ මහතා පැවසීය.

තවද මෝසම් වැසි මේ වන විට සක්‍රීය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වැදගත් වන නමුත් පවතින තත්ත්වයන් අනුව මේ දක්වා අවදානම් තත්ත්වයක් මතුව නැති බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron