Saturday, February 28, 2026
18.9 C
Sri Lanka

අල – ලූනු සහ පරිප්පු ආනයනයට අවධානය

රට මුහුණ දුන් ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්විය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙලෙස රැස්වී තිබේ.

මෙම පශ්චාත් ආපදා සමයේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම හා මිල තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

වගා බිම්වලට සිදුවූ හානිය උපයෝගී කරගනිමින් ඇතැම් වෙළෙඳුන්, වෙළෙඳපොළ තුළ කෘතිම ලෙස මිල ඉහළ නැංවීමක් සිදු කිරීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා අවශ්‍ය තීරණයන් ගැනීමට ආහාර සුරක්ෂිතා කමිටුව මෙහිදී කටයුතු කර තිබේ.

ඒ අනුව වෙළෙඳපොළ තුළ කෘතිමව ඇති කරන ලද මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අල, ලූනු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය, ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ආනයනය කිරීමට අවධානය යොමුවී ඇත.

එම ආහාර ද්‍රව්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලංකා සතොස අලෙවි සැල් ජාලය සහ සමුපකාර අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට ද ආහාර සුරක්ෂිතා කමිටුව සාකච්ඡා කොට තිබේ.

දිට්වා සුළි කුණාටුවත් සමඟ රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතා කමිටුව සතිපතා රැස්වීමටද තීරණය කර ඇත.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron