Wednesday, December 31, 2025
26.1 C
Sri Lanka

අල – ලූනු සහ පරිප්පු ආනයනයට අවධානය

රට මුහුණ දුන් ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්විය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙලෙස රැස්වී තිබේ.

මෙම පශ්චාත් ආපදා සමයේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම හා මිල තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

වගා බිම්වලට සිදුවූ හානිය උපයෝගී කරගනිමින් ඇතැම් වෙළෙඳුන්, වෙළෙඳපොළ තුළ කෘතිම ලෙස මිල ඉහළ නැංවීමක් සිදු කිරීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා අවශ්‍ය තීරණයන් ගැනීමට ආහාර සුරක්ෂිතා කමිටුව මෙහිදී කටයුතු කර තිබේ.

ඒ අනුව වෙළෙඳපොළ තුළ කෘතිමව ඇති කරන ලද මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අල, ලූනු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය, ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ආනයනය කිරීමට අවධානය යොමුවී ඇත.

එම ආහාර ද්‍රව්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලංකා සතොස අලෙවි සැල් ජාලය සහ සමුපකාර අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට ද ආහාර සුරක්ෂිතා කමිටුව සාකච්ඡා කොට තිබේ.

දිට්වා සුළි කුණාටුවත් සමඟ රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතා කමිටුව සතිපතා රැස්වීමටද තීරණය කර ඇත.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron