Tuesday, December 30, 2025
23.4 C
Sri Lanka

මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානමක් නෑ

මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානම් සහිත තත්ත්වයක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  සිදුකළ තක්සේරු පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවේ නායයෑමේ බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ කිසිදු පාසලක් ඉවත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අවධාරණය කළේය.

මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 3ක විශේෂඥ කණ්ඩායම් 15ක් සමග සිදුකළ මෙම පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ එම පාසල්වලට දිවෙන මාර්ග ගිලා බැසීමට ලක්ව අබලන් තත්ත්වයේ පවතින  බවය.

එබැවින් එම මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට රජයට නිර්දේශ කර ඇති අතර, මධ්‍යම පළාත තුළ පිහිටි එම  ස්ථානයන්හිදී තවදුරටත් පාසල් පවත්වාගෙන යාම සුදුසු බවට අධ්‍යාපන අමාත්‍යංශයය වෙත දැනුම්දීමක් ද සිදුකර තිබේ.

මෙහිදී එම පර්යේෂණ තක්සේරු වාර්තාව සකස්කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි විශේෂඥයන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥයන් පිරිසක් සහභාගි වී ඇත.

මෙහිදී මධ්‍යම පළාත තුළ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන ප්‍රමුඛතාව සැලකිල්ලට ගනිමින් පසුගිය 9වනිදා සිට 15 වනිදා දක්වා මෙම අවදානම් තත්ත්ව පරීක්ෂාව සිදු කරනු ලැබීය.

පසුගිය නොවැම්බර් 27 දින සිට 30දක්වා ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) විසින් මහනුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත්‍රික්කයන්හි බලපෑමට ලක්වූ පාසල්වල ඇති නායයෑම් අවදානම් තත්ත්වයන් මෙම තක්සේරු පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර තිබේ.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron