Sunday, March 1, 2026
22.7 C
Sri Lanka

පියුමි හංසමාලිට අධිචෝදනා

රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි මහතා හමුවේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

වගඋත්තරකරුවන් දෙදෙනා 2022/2023 වර්ෂ සඳහා රුපියල් මිලියන 419ක ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව පියුමි හංසමාලීරුපියල් 225 ක් විරංජිත් තාඹුගල මහතා  රුපියල් මිලියන 194 ක්  ආදායම් බදු ගෙවීම පැහැර හැර තිබුණා.

සැකකරුවන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත උල්ලංඝනය කරමින් බදු පරිපාලනයට බාධා කිරීම, බදු ලිපිගොනු නිසි පරිදි පවත්වාගෙන නොයෑම සහ බදු ගෙවීම පැහැර හැරීම යන අපරාධමය වරදවල් සිදු කර ඇති බවට දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම පැමිණිලි ගොනු කර තිබෙනවා.

නීතිඥ දිනේෂ් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පැමිණිලිවලට එරෙහිව පියුමි හංසමාලී විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් වී නොමැති බවයි.

එම බදු මුදල්, දඩ සහ පොලිය අය කර ගැනීම සඳහා ඉදිරියේදී මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron