Tuesday, December 30, 2025
23.4 C
Sri Lanka

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ පැවසුවේ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම්වල නිලධාරීන්ට දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ට ආපදාවට ලක්වූ ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව විධිමත් ලෙස ලිඛිතව දැනුම් දී නොමැති බවයි. ජනාධිපතිවරයා වන්දි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතැම් ප්‍රකාශ නිකුත් කර තිබුණද, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී ඊට පටහැනි දේවල් ඉදිරිපත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.

“මරණ සහතික නිකුත් කිරීම සඳහා දේශපාලන අධිකාරිය උත්සව පවා තිබීම කණගාටුවට කරුණක් බවද නාමල් රාජපක්ෂ පැවසීය. මෙය උත්සව සඳහා කාලය නාස්ති කිරීම වෙනුවට ජනතාවට අවශ්‍ය වන්නේ ඉඩම් ඔප්පු සහ ස්ථිර විසඳුම්” බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

ජනතාවට සහන දීමට ප්‍රායෝගික ප්‍රවේශයක් දැන්වත් ලබාගත යුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය. බලපෑමට ලක් වූ ප්‍රජාවන් සමඟ සෘජුව සම්බන්ධ වන ලෙසත් දැන් තවමත් ජනතාවට තම ගැටළු ප්‍රකාශ කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති බවත් නාමල් රාජපක්ෂ පැවසීය. ඔවුන් තම ගැටළු බෙදා ගන්නේ අප ඔවුන් බැලීමට ගිය විට පමණක් බවත් පැවසීය.

අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රමාණවත් ලෙස සහාය වීමට රජය අපොහොසත් වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.බොහෝ අවතැන් වූ පවුල් තාවකාලික නවාතැන් වලින් තම නිවෙස් වෙත ආපසු යා හැක්කේ කවදාද යන්න පිළිබඳව අවිනිශ්චිතව සිටින බවත් නාමල්‍ රාජපක්ෂ පැවසීය.

ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ගම්මානවලට තවමත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ගොස් නොමැති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. “

බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ගැටළු විසඳීමට සහ කාලෝචිත සහන සහ නැවත පදිංචි කිරීමේ පියවර සහතික කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් රාජපක්ෂ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...

මිලියන 330ක දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් මිලියන 330 ක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron