මං දන්න දරුවෙක් ට්‍රම්ප්ගේ බද්ද අඩු කරන්න මැදිහත්වුණා -මිහින්තලේ හිමි-

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින් පැනවූ 30% ක බද්ද අඩු කර ගැනීමට හැකි වූයේ තමන් දන්නා දරුවෙක්ගේ මැදිහත්වීමකින් බවත් ඒ පිළිබඳව එම දරුවා තමන්ගෙන්ද විමසා සිටි බවත්  මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළේ,  එලෙස 30% ක බද්ද අඩු කරවා ගැනීමට මැදිහත් වූයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ලාංකික සිසුවෙකු බවයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දරුවෙකු හෝ මුණුපුරෙකු සමඟ එම සිසුවා ඉගෙනුම ලබන බවත්, එම සබඳතාව හරහා ඇමරිකානු ජනාධිපතිවරයා සම්බන්ධ කරගත හැකි බවත් උන්වහන්සේ එහිදී  පැවසුවා.

“මේ සියට 30 ආවේ ඔය එංගලන්තයේ ඉන්න ළමයා හරහා වටේ ගිහින් කතා කරලා තමයි  ඕක ගත්තේ. අපි ඒක කිව්වේ නැහැ, දැන් කියනවා”

උන්වහන්සේ සඳහන් කළේ, අවශ්‍ය නම් මෙරට සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට පවා සහය විය හැකි බවයි.   

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති දැඩි විරෝධය හමුවේ රජය එම කටයුතු ලබන වසර දක්වා කල් දැමීම පිළිබඳව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බව ධම්මරතන හිමියන් සඳහන් කළා.

අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය  සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වන බව පෙන්වා දුන් මිහින්තලේ හිමියන්, වහාම කැබිනට් සංශෝධනයක් සිදු කර සුදුසු පුද්ගලයෙකු එම තනතුරට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

එසේ නොවුවහොත් අපේක්ෂිත “සිස්ටම් චේන්ජ්” එක කරා යාමට නොහැකි වනු ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළා. 

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron