Saturday, February 28, 2026
19.7 C
Sri Lanka

2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ගැන විශේෂ නිවේදනයක්

026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ නිවේදනයක්

2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇත.

• 2026 වර්ෂයේ දී 1 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදි ම 2026 ජනවාරි 29 දින ආරම්භ කරනු ලැබේ.

• 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමනු ලැබේ.

• 2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කළ යුතු අතර, එක් කාලඡේදයක් විනාඩි 40ක් විය යුතු ය. ඒ අනුව, පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයට ම කාලසටහන් සකස් කළ යුතු ය.

• 6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවල දී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශය ම 2026 වර්ෂය සඳහා ද ක්‍රියාත්මක කළ යුතු ය.

• 6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන් ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු ය.

• පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරනු ලැබේ.

• අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදා හැරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

• 2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළපොත් සඳහා අදාළ මෘදු පිටපත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘e-තක්සලාව’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ඇත.

• නව ප්‍රතිසංස්කරණයන්ට අදාළ මොඩියුල පිළිබඳ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

• 6 ශ්‍රේණිය සඳහා පිළියෙල කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේ දී සුදුසු පරිදි භාවිත කරනු ඇත.

• නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩ ව ක්‍රියාත්මක කරනු ඇත.

• නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන සංශෝධන හා තක්සේරු ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ පුළුල් මහජන දැනුම්වත්කිරීම් යන ප්‍රවේශයන් 2026 වසර තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

• යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ සියලු මොඩියුල, විවෘත හා පුළුල් මහජන සංවාදයක් සඳහා මහජනතාව වෙත විවෘත කරනු ඇත.

• මෙම කරුණු සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉතා ඉක්මනින් නිකුත් කෙරෙනු ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් ලබා දෙන ලද උපදෙස්/ මගපෙන්වීම අනුව ගුරු පුහුණුව ඇතුළු සියලු කටයුතු කැපවීමෙන් සංවිධානය කළ පළාත්/ කලාප අධ්‍යාපන බලධාරීන් සහ සියලු ම විදුහල්පතිවරුන්/ ගුරුවරුන් ඇතුළු නිලධාරීන්ගේ කැපවීම අගය කරන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ සහයෝගය තව දුරටත් අපේක්ෂා කෙරේ.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron