ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිත කතාව පාදක කරගනිමින් “එදා රෑ” නමින් සංගීතමය වෘත්තාන්ත සිනමාපටයක් නිර්මාණය කිරීමට වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මාරියා, ධර්ම යුද්ධය 02 සිනමාපට අධ්‍යක්ෂණය කල අරුණ ජයවර්ධන විසින් මෙහි අධ්‍යක්ෂණය සිදු කරන අතර චන්න දේශප්‍රිය විසින් කැමරා අධ්‍යක්ෂණය සිදු කරනු ඇත.
මෙහි තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදාණපතිරන විසින්ද, නිෂ්පාදන කටයුතු වන් ලයින් ප්‍රඩක්ෂන් වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ චමක මංජුල විසින් සිදු කරනු ලබයි.
මෙම සිනමාපටය සඳහා ගීත 17ක් අඩංගු වීමට නියමිතවන බවත්, මෙහි සංගීත අධ්‍යක්ෂණය සඳහා සුරේෂ් මාලියද්ද දායක වන අතර ගීත ගායනාවන් සඳහා රනිල් මල්ලවාරච්චි සමග පවන් මල්ලවාරච්චි දායක වනු ඇත.
අති දක්ෂ රංගන ශිල්පියකු වන රොෂාන් රවීන්ද්‍ර විසින් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ චරිතය රඟ දක්වනු ඇත. ඊට අමතරව නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, සුරන් දිසානායක, දර්මප්‍රිය ඩයස්, ජනිත් වික්‍රමගේ, විශ්ව කොඩිකාර, අනුරුද්ධිකා පාදුක්කගේ, දිනිති වල්ගම, කළණ ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, සප්නා පාදුක්ක, හිමාලි සිරිවර්ධන, ෆර්නි රෝෂිනී, බියංක අමරසිංහ ආදී තවත් නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් එක්වනු ඇත.
සාරංග දිසාසේකර, නිහාරි පෙරේරා, පියුමාලි එදිරිසිංහ සහ රොෂාන් රණවණ මෙහි ආරාධිත රංගනයේ නිරතවනු ඇත.


