Saturday, February 28, 2026
25.1 C
Sri Lanka

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න ආණ්ඩුවෙන් දින දෙකක්

අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන 22 සහ  23 යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සුදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සඳහා විපක්ෂය සුදානම් නොමැති නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදයක් එළැඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පැවැත්වීමට හැකි බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ විවාදය පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය වන බවත් ආණ්ඩුව පවසන පරිදි විවාදයට ගැනීමට විපක්ෂය සුදානම් නොමැති බවත්ය.

පසුගිය ජනවාරි මස 13 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විවාදය ජනවාරි 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමට සුදානම් බව පවසා සිටියේය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron