Saturday, February 28, 2026
19.7 C
Sri Lanka

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ වාද්දුව වේරගම පොදු සුසාන භුමියේදී සවස 4ට ය. 

නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද එය භූමදානය කිරීමට තීරණය කළ බව ඒ මහතාගේ නැඟණිය වන මංගලා කරුණාතිලත මහත්මිය පැවසුවාය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වනදා අලුයම අභාවප්‍රාප්ත වුණි.

මිය යන විට නන්දන ගුණතිලක මහතා 63 වන වියේ පසුවුණි

පෞද්ගලික තොරතුරු

1962 වසරේදී වාද්දුව ප්‍රදේශයේ උපන් එම්.ඩී. නන්දන ගුණසේන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ය.

ඔහුගේ පියා ගුරුවරයෙකු වූ අතර ඔහුට සොයුරු සොයුරියන් සිව් දෙනෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තේරීපත් වන ඔහු ශිෂ්‍ය දේශපාලනයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස සිය දේශපාලනය ජීවිතයට අත්පොත් තබයි.

ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපියක දැක්වෙන්නේ, නන්දන ගුණතිලක 1976 සිට 1983 දක්වා එක්සත් ජාතික පක්ෂයට ළැදිව සිටි අතර එහි සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ද වූ බව ය.

දේශපාලනික ගමන් මඟ

ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග සරසවි සිසුවෙකුව සිටියදී ම 1984 වසරේදී සම්බන්ධ වූ බව ධර්මන් වික්‍රමරත්න සිය ලිපියේ සඳහන් කර තිබේ

තමන් “පූර්ණ කාලීන දේශපාලනය වෙනුවෙන් තම උපාධිය අත්හැරි” බව නන්දන ගුණතිලක ඉකුත් වසරේ ෆේස්බුක්හි පළ කළ සටහනක දැක්විණි. “මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක්,” එහි සඳහන් විය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ඔහු 1994 වසරේදී එහි ප්‍රධාන ලේකම් ධූරයට පත් විය. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම් සහ දේශපාලන මණ්ඩල සභික විමල් වීරවංශ මෙලෙස ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

“1994 මහ මැතිවරණයට පෙර සිට ම, ජ.වි.පෙ. නිල අයිතිය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබිණි. එහිදී සෝමවංශ අමරසිංහ සහේදරයා මූලිකව කළ සටන තුළ නන්දන ද වූයේ ය. පසුව නන්දන ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් තනතුරට ද පත් කෙරිණි, ටිල්වින් සිල්වා සිටියේ සිර ගෙදර ය.  ටිල්වින් සිල්වා දඬුවම් ලැබ සිරගෙදරින් නික්ම ආ විට සෝමවංශ සහෝදරයා යෝජනා කළේ ඔහුට ප්‍රධාන ලේකම් තනතුර ලබා දෙන මෙන් ය. කී සැණින් නන්දන එම ඉල්ලීමට අවනත විය,” එහි සඳහන් විය.

නන්දන ගුණතිලගේ සමකාලීනයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ ද සිය ෆේස්බුක් ගිණුමේ ඔහුගේ අභාවය පිළිබඳව සඳහන් කරමින් සඳහන් කර තිබුණේ, “ඔහු ද අප මෙන් ම, 1987-89 කැරැල්ලේ භූමිකාවක් සිදු කළ අයෙකි. මර්දනයෙන් පසු ඔහු නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා මුල් වී කටයුතු කළේ ය,” යනුවෙනි.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස,

1999 වසරේ පැවති ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකි ලෙස නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණින් ඉදිරිපත් විය.

ඔහු සහභාගී වූ 2024 විකාශය කෙරුණු රූපවාහිනී වැඩසටහනකදී ඔහුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණු අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ “වමේ පොදු අපේක්ෂකයා” ලෙස බව ය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඔහු වෙත කෙරුණු ඉල්ලීම මුලදී “මානුෂීය” හේතු දක්වමින් ප්‍රතික්ෂේප කළ ද පසුව ඔහු ඒ සඳහා “තම පෞද්ගලික කැමැත්ත හා ජීවිතය පිළිබඳ කරුණු පසෙක තබමින්,” එකඟ වූ බව විමල් වීරවංශ සිය ෆේස්බුක් සටහනේ දක්වා තිබේ.

ඡන්ද 344,173ක් ලබා ගනිමින් ඔහු ජනාධිපතිවරණ සටනේ තෙවන ස්ථානය ලබා ගත් අතර ඡන්ද 4,312,157ක් ලබා ගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නැවතත් ජනාධිපති ධූරයට තේරී පත්වූවා ය.

ඡන්ද සටනේ දෙවන තැන පසු වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. ඒ ඡන්ද 3,602,748ක් ලබා ගනිමිනි.

පාර්ලිමේන්තුවට තේරීපත් වීම

රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව අවුරුදු 9ක ව්‍යවස්ථාදායක සේවා කාලයක් ඇති නන්දන ගුණතිලක මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2000 වසරේ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි.

එම සන්ධානයේ සභාපතිවරයා ලෙස පත්වූයේ ද ඔහු ය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron