ධීවරයින්ට ඉහළ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

ධීවරයින්ගේ සමාජ ආරක්ෂාව ශක්තිමත් කරමින් ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. 1990 අංක 23 දරණ ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පනත යටතේ ක්‍රියාත්මක වන මෙය, වර්තමාන ආර්ථිකයට ගැළපෙන ලෙස වඩාත් ආකර්ෂණීය අයුරින් සංශෝධනය කර ඇත.

මෙම යෝජනා ක්‍රමය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරයි.

නව යෝජනා ක්‍රමයේ විශේෂත්වය වන්නේ ධීවර කාර්මිකයාගේ ක්‍රය ශක්තියට හා කැමැත්තට අනුව විශ්‍රාම වැටුප් මට්ටම තෝරා ගැනීමට හැකි වීමයි. ඒ අනුව, වයස අවුරුදු 60 න් පසුව මාසිකව ලබා ගැනීමට කැමති විශ්‍රාම වැටුප් ප්‍රමාණය රු.5,000, රු.10,000, රු.15,000, රු.20,000, රු.25,000 හෝ ඊට වැඩි ලෙස තම අභිමතය පරිදි තෝරා ගත හැක.

තවද, මෙම යෝජනා ක්‍රමය යටතේ වයස වැඩි වීමත් සමඟ විශ්‍රාම වැටුප් ප්‍රමාණය ඉහළ යාම විශේෂ ලක්ෂණයකි. උදාහරණයක් ලෙස, මාසිකව රු.1,000ක විශ්‍රාම වැටුපකට දායක වුවහොත්

  • වයස 64–70 අතර රු.1,250ක්,
  • වයස 71–77 අතර රු.2,000ක්,
  • වයස 78 න් පසුව රු.5,000ක්

ලෙස විශ්‍රාම වැටුප ඉහළ යාමට හැකි වේ.

මෙයට අමතරව, ජීවිත රක්ෂණ ප්‍රතිලාභ, විශ්‍රාම වැටුප් ලාභියා මියගිය අවස්ථාවේදී කාලාත්‍රයාට විශ්‍රාම වැටුප හිමිවීම, සහ ධීවර කටයුතු හා ඒ ආශ්‍රිත රැකියාවන්හි නිරත පුද්ගලයින්ටද දායක වීමට හැකි වීම මෙම නව යෝජනා ක්‍රමයේ අනෙකුත් වැදගත් ප්‍රතිලාභ ලෙස සඳහන් වේ.

මෙම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා ධීවරයින්ට ආරක්ෂිත සහ ගෞරවනීය විශ්‍රාම ජීවිතයක් සලසා දීම රජයේ අරමුණ බව සඳහන් කරයි.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron