දිට්වා’ සුළි සුළඟත් සමඟ මෙරට ඇති වූ දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 649 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කරයි. ජනවාරි 25 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව, තවත් පුද්ගලයින් 173 දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
ආපදාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර, එහි පමණක් මරණ 243ක් වාර්තා වී ඇත. අනෙකුත් දිස්ත්‍රික්කවල තත්ත්වය මෙසේය:
- බදුල්ල දිස්ත්‍රික්කය: මරණ 89
- නුවරඑළිය දිස්ත්‍රික්කය: මරණ 81
දිට්වා සුළි සුළඟත් සමඟ මෙරට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන්ව සිටිති.


