හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළා.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටී අවස්ථාවේදියි.


