Monday, March 2, 2026
16.8 C
Sri Lanka

අරගලයේ වන්දි නඩුව: හිටපු ජනපති ගෝඨාභයට නොතීසි

2022 වසරේ මැයි මස 09 වන දා අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධි හමුවේ සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානි වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබා ගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට අද (ජනවාරි 28) දැනුම් දී තිබේ.

මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ගිහාන් කුලතුංගගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණි.

පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් කවුද ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,

හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න,

හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න,

හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,

ටිරාන් අලස්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස්

මෙම වග උත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුකරයේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගේ නිවැරදි ලිපින ඉකුත් දින අධිකරණය කළ නියෝගයකට අනුව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේ ය. ඒ අනුව එම වග උත්තරකරුවන්ට නොතිසි යැවීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව, අදාළ වග උත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කරන ලදී.

පෙත්සම්කරු පවසන්නේ කුමක්ද ?

පෙත්සම්කරු පවසා ඇත්තේ 2022 වසරේ මැයි මස 09 වන දා දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම්වලට අදාළව එවක රජය විසින් 43 දෙනෙකුට රුපියල් බිලියන 1.22ක මුදලක් වන්දි වශයෙන් ගෙවනු ලැබ තිබෙන බව ඉකුත් වසරේ පෙබරවාරි මස 5 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළ බව ය. ඊට ඉකුත් රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් ඇතුළත් වන බව ඔහු සඳහන් කර තිබූ බව ද පෙත්සම්කරු පෙන්වා දුන්නේය.

පවතින නීතියට අනුව ස්වාභාවික ආපදාවකදී වුව ද සිදුවන හානි වෙනුවෙන් ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5ක් බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ. එහෙත් ඇතැම් හිටපු ඇමතිවරුන් එම නීතිමය සීමාව ඉක්මවා වන්දි මුදල් ලබාගෙන තිබෙන බවත් එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු චෝදනා කළේ ය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron