Monday, March 2, 2026
18.7 C
Sri Lanka

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ලංකාවට

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.

මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය.

මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇයට එහි තෙවන ස්ථානය හිමිවූවාය.

සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවිය.

මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.

රූ රැජින ඉතිහාසය

බහුතරයක් කාන්තාවන්ට රූ සපුව ගැන ඇත්තේ ලොකු උනන්දුවක්. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් අතර පවා මේ උනන්දුව තිබූ බව ලෙන් කැණිම්වලින් හමුවූ ආභරණවලින් හෙළිවී තිබෙනවා. කාලය් ගෙවෙත්ම, වඩාත්ම ලස්සන කාන්තාව සොයා කිරුළු පැළඳවීම තරග ලෙස ආරම්භ වී තිබෙනවා. පුරාණ චීනයේ, ග්‍රීසියේ, සහ ඉන්දියාවේ මෙවැනි තරග පැවති බවට වාර්තා වෙනවා.   

වර්තමානයේ පැවැත්වෙන ආකාරයේ රූ රැජින තරගයක් මුලින්ම පවත්වා ඇති බවට වාර්තා වන්නේ 1839 දී ස්කොට්ලන්තයේ දී යි. එය “එග්ලින්ටන් තරගාවලිය” ලෙස හඳුන්වා තිබෙනවා. එහිදී රූප රැජන තෝරා සම්මානයක් පිරිනමා තිබෙනවා. එය දිනාගෙන ඇත්තේ 30 හැවිරිදි විවාහක කාන්තාවක් වූ ජෝර්ජියනා සේමර්. ධනවත් කාන්තාවක් වූ ඇය සමර්සෑන්ඩ් ආදිපාදවරයාගේ බිරිය යි.

ඇමරිකාවේ පළමු වරට රූ රැජිනක් තේරීමේ තරගයක් පවත්වා ඇත්තේ 1854 දී යි. ෆීනියස් ටේලර් නම් ව්‍යාපාරිකයෙක් සංවිධානය කළ මෙම උත්සවය පසුව මහජන විරෝධතා එල්ලවීම නිසා නවත්වා තිබෙනවා. ඔහු එයට පෙර දරුවන්ගේ, බල්ලන්ගේ, සහ කුරුල්ලන්ගේ පවා රූ රුජන තරග පවත්වා තිබෙන බව යි පැවසෙන්නේ. ඡායාරූප ශිල්පය දියුණුවීමත් සමග  පුවත්පත්වල ඡායාරූප මඟින් ලස්සනම කාන්තාව තේරීමේ තරගත් දිගටම පවත්වා තිබෙනවා. 1960- 70 දශකවල ලංකාවෙත් පුවත්පත්වලත් සේයාරූ  මඟින් ලස්සන කාන්තාව තේරීමේ තරග පවත්වා තිබෙනවා.

1888 සැප්තැම්බරයේ බෙල්ජියමේ දී රූමත්ම කාන්තාව තේරීමේ තරගයක්  සංවිධානයකර තිබෙන අතර එය යුරෝපයේ පැවැත්වූ පළමු රූප රැජන තරගය ලෙස සඳහන් වෙනවා. එයට අයදුම්පත් 350ක් පමණ ලැබී තිබුණු අතර ඉන් 21 දෙනෙකු ඡායාරූප බැලීමෙන් තෝරාගෙන තිබෙනවා. අවසන් තරගය තරුණියන් සහභාගී කරවාගැනීමෙන් පවත්වා තිබෙනවා.  තරුණියන් ඉතා දිගු ගවුම් ඇද එයට  සහභාගී වූ බව සඳහන්. මෙහිදී ජය ලබා තිබෙන්නේ 18 හැවිරිදි, ක්‍රියෝල් වාර්ගික තරුණියක්.

ජර්මනියේ පළමු රූ රැජින තේරීමේ තරගය 1909 දී සිදුවී තිබෙනවා. පළමුවරට තෑග්ගට රන් කාසියක් ලබා දී ඇත්තේ එම තරගයේ දී යි. ප්‍රංශයට රූප රැජන තරග එන්නේ 1920 දී යි.

මිස් අමෙරිකා 

අමෙරිකාවේ මුල්වරට ජාතික මට්ටමින් මිස් අමෙරිකා තරගයක් පවත්වා ඇත්තේ 1921 දී පුවත්පතක අනුගහයෙන්. නිව් ජර්සි ප්‍රාන්තයේ පැවැත්වූ එය අන්තර් නගර රූප රැජන තරගය ලෙස නම්කර පවත්වා ඇති අතර, ජයග්‍රාහිකාව වූයේ වොෂිංටන්වල 16 හැවිරිදි මාගරට් ගෝර්මන්. ඇයට හිමි තෑග්ග වුණේ ඩොලර් 100ක්. 

ජාත්‍යන්තර රූ රැජිණ තරඟ

අන්තර්ජාතික රූ රැජිණ තරගයක් මුලින්ම පවත්වා ඇත්තේ 1926 දී ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්වල දී යි.  “International Pageant of Pulchritude” නමින් හැඳින්වූ ඒ තරගයේ ජය හිමිව ඇත්තේ කැතරින් මොයිලාන් නම් තරුණියට යි. 1929 දී මෙම තරගයට රුසියාව, ප්‍රංශය, තුර්කිය ඔස්ට්‍රියාව ආදී රටවල් ගණනාවකින් තරුණියන් සහභාගි වී තිබෙනවා.  ප්‍රථමවරට විදේශීය තරුණියක් ලබාගත් ජයග්‍රහණය ලෙස ලෝක රූ රැජින කිරුළු සටහනේ වාර්තා අතරට එක්වීමට ඔස්ට්‍රියාවේ ලිස්ල් ගෝල්ඩාබිටර් සමත්වුණේ මෙම තරගයෙ ජය ලැබීමෙන්. මාධ්‍ය මඟින් ප්‍රථම වරට මිස් යුනිවර්ස් ලෙස නම්කර තිබෙන්නේ ඇය යි. ඉන්පසු ඒ නම දිගටම මේ තරගයට ව්‍යවහාර වුණා.  

යුරෝපයේ පළමු මහා පරිමාණ රූ රැජින තරගය පවත්වා ඇත්තේ 1929 දී යි. ඒ, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ “මිස් යුරෝප්” තරගාවලිය යි. එහි කිරුළ හිමිවුණේ ස්විට්සර්ලන්තයේ ස්ටෙෆනී ජොබ්ට යි. 1929 දී ග්‍රිසිය සිය ප්‍රථම රූ රැජන තරගය වන “මිස් ඇතන්ස්” පවත්වනවා. එහි ජයග්‍රහණය හිමිවූ අලිකි ඩිප්ලාරකු 1930 දී මිස් යුරෝප් තරගයත් ජයග්‍රහණය කරනවා. 18 හැවිරිදි මේ තරුණිය ඒ අවුරුද්දෙම බ්‍රසීලයේ පැවැත්වූ මිස් යුනිවර්ස් තරගයෙන් දෙවන තැන ලබාගෙන තිබෙනවා. රූ රැජින තරග ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක් ලෙස අලිකි සැලකෙනවා.  

මිස් වර්ල්ඩ් 

රූ රැජන තරගාවලි දහසකට වැඩිය අද වන විට ලොව පුරා පවත්වනවා. ඒ අතරින් අවිවාහක රූප රාජිනියන් තෝරන ජාත්‍යන්තර තරග අතර වඩාත් ප්‍රකට මිස් වර්ල්ඩ් තරගය යි. මේ තරගය මුලින්ම පැවැතුවුණේ 1951 දී එංගලන්තයේ දී යි.  එය සංවිධානය කර තිබුණේ කාන්තා පිහිනුම් ඇදුම්  තරගයක් ලෙස යි. 1951 ලොව පළමු ලෝක රූ රැජන තරගය ජයග්‍රහණය කළේ ස්වීඩනයේ කිකි හකන්සන්.

ලෝක රූ රැජන තරග  වැඩිම වතාවක් ජයගෙන ඇත්තේ වෙනිසියුලාව හා ඉන්දියාව යන රටවල්. ඔවුන් 6 වතාවක් බැගින් කිරුළ දිනා සිටින අතර දෙවන තැන 5 වතාවක් කිරුළ හිමිකරගත් එංගලන්තය හිමිකරගෙන ඉන්නවා. මිස් යුනිවර්ස් තරගයේ කිරුළ වැඩිම වාර ගණනක් හිමිකරගෙන ඇත්තේ  ඇමරිකා එක්සත් ජනපදය යි.  ඔවුන් වාර 8ක් එය ජයගෙන සිටිනවා.

1966 දී ඉන්දියාවේ වෛද්‍යවරියක වන රීටා ෆාරියා මිස් වල්ර්ඩ් කිරුළ දිනා ගන්නවා. 1994 වසරේ දී මිස් වර්ල්ඩ් සහ මිස් යුනිවර්ස් යන කිරුළු දෙකම හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වෙනවා. ඒ අයිෂ්වර්‍යා රායි හා සුශ්මිතා සෙන් විසින්. 1997 දී මිස් වර්ල්ඩ් වෙන්නේ ඉන්දියාවේ ඩයනා හේඩන්. 2000 වසරේ දී ප්‍රියංකා චොප්රා හා ලාරා දත්තා ද ඉන්දියාවට කිරුළු හිමිකර දුන්නා. රූ රැජින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් තරගකාරිය ලෙස ඉන්දියානු රූ රැජින ලාරා දත්තා ඉතිහාසගතව සිටිනවා. ඇය 2000 වසරේ මිස් යුනිවර්ස් තරගයේ දී ලකුණු 9.98 සාමාන්‍යයක් සහිතව ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ආසියානු රූ රැජිණ තරඟ

Miss Asia Pacific International 1965 සිට ආසියාවේ පැවැත්වෙන රූ රැජින තරගාවලිය යි. මෙය මුල දී අසියානු පැසිෆික් කලාපයේ රූමතියන් සදහා පමණක් විවෘත වුව ද පසුව වෙනත් මහාද්වීපයන්හී තරුණියන් සඳහා ද විවෘත වෙනවා. පළමු තරගය පිලිපීනයේ පැවැත්වූ අතර එය ජය ගත්තේ මැලේසියාවේ ඇන්ජෙලා පාමර් නම් රූමතිය යි. 

1981 දී මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමිවූ අතර ජයග්‍රාහිකාව රෝසි සේනානායක යි. එය ශ්‍රී ලංකාව ලෝක රූ රැජින තරගයක දී පළමු වරට මුල් ස්ථානය හිමිකරගත් අවස්ථාව යි. මීට පෙර මිස් යුනිවර්ස් තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිකර දීමට 1955 දී මොරීන් හින්ගර්ට් සමත් වුණා.  

මොරින් හින්ගර්ට 

1937 ජනවාරි 9 වෙනි දින කොළඹ දී උපන් මොරීන් සුප්‍රකට නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක්, වගේම ජාත්‍යන්තර නිළියක් ද වුණා. 1954 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රූ රැජින ලෙස කිරුළ හිමිකරගත් ඇය 1955 ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර එහි දෙවන ස්ථාන ලබාගෙන අප රටට මහත් කීර්තිය අත්කර දුන්නා. ජයග්‍රහණයෙන් පසු, මොරීන් හොලිවුඩ් චිත්‍රපටවල රංගනය සඳහා යුනිවර්සල් ඉන්ටර්නැෂනල් ස්ටූඩියෝව සහ 20th Century Fox ආයතනය සමග ගිවිසුම්වලට එළඹෙනවා.

හොලිවුඩ්හි රංගනයට දායකවීමට ලංකාව අතහැර ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචියට ගිය ඇය 1958 දී ඇමරිකානු ජාතික මාරියෝ ආර්මන්ඩ් සමග විවාහ වෙනවා. ඇය චිත්‍රපට රාශියකට රංගනයෙන් එක්වෙනවා. The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail ඒ අතරින් කිහිපයක්.

ලෝක විවාහක රූ රැජන රෝසි

ලෝක විවාහක රූ රැජින තරගාවලියක් සංවිධානය කිරීමට 1980 දශකයේ දී අමරිකානුවන් උනන්දු වෙනවා. ඒ අනුව පළමු ලෝක විවාහක රූ රැජන තරගය 1984 දී පවත්වන්නේ ඕස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ඩ්හී දී යි. එය ජයගැනීමට අපේ රටේ රෝසි සේනානායක සමත් වෙනවා. ඇය අවිවාහක මෙන්ම විවාහක රූ රැජන කිරුළු දෙකම දැරූ පළමු ආසියාතික රූ රැජිනිය යි. පසුව දේශපාලනයට පිවිසි රෝසි දැන් කොළඹ නගරාධිපතිනිය යි. 

කැරොලයින් ජූරි

වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

2020 ලෝක විවාහක රූ රැජිණ හැටියට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි සමත් වුණා.

නමුත් මෙරට දී ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඇය තම කිරුළ අත්හැරියා. අනතුරුව අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජින ලෙස එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉෂාදි අමන්දා

2024 Mrs World හෙවත් ලෝක විවාහක රූ රැජිණ ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

අමෙරිකාවේ ලාස්වේගාහීදී තරඟය පැවැත්වුණි.

මෙවර මෙම තරගය පවත්වනු ලැබුවේ 40වැනි වතාවට ය.

එහිදී පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවූ අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂානි අමන්දාට හිමිවිය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron