පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ ඇති ගෑස් පර්යන්තයෙන් ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ පැවසීය.පසුගිය අප රජය විසින් නිසි වෙලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවද නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
මෙම හම්බන්තොට ඇති ගෑස් පර්යන්තයෙන් සිදු කරන්නේ ගෑස් ප්රතිඅපනයනය කිරීම වුවත් මේ අවස්ථාවේ එම ප්රතිපත්තිය වෙනස් කර දේශීය වෙළෙඳ පොළට ගෑස් නිකුත් කරන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.


