Friday, February 27, 2026
27 C
Sri Lanka

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි.

සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම රෝගී ජනතාව සමග මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තම සංගමය මේ සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලී ලෙස කටයුතු කළ ද රජය සිය ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් වන බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා,

''මේ වෙනකොට අපි දන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක නියැලිලා ඉන්නවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවේ නියැලිලා ඉන්නේ මහජනතාවට සහ මේ රෝගී ජනතාවට අවම හානියක් සිද්ධ වෙන විදිහටත් රජයට අවශ්‍ය පණිවිඩය දැනෙන ආකාරයෙන් ලබා දෙන විදිහටත්. නැතුව අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න බැරුව හරි, මීට වඩා ලොකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න බැරිකමක් නිසා නෙමෙයි.

අපිට අවශ්‍ය නෑ මේ රෝගී ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය විසඳගන්න. අපිට අවශ්‍යවෙලා තියෙන්නේ රජයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යවරයාත් හා වගකිවයුතු පාර්ශවයන් සමග මේ ගැටළුව විසඳගන්න. නමුත් කියන්න කනගාටුයි අපි මේ විදිහට පුළුවන් උපරිම ආකාරයට නම්‍යශීලී වෙලා කටයුතු කරද්දී රජයේ පාර්ශවයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඉතාමත්ම උද්දච්ච විදිහට තමා වැඩ කරන්නේ.

23,000කට අධික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න ඒකමතිකව එක හඬින් අපි ඉදිරිපත් කරනවා රජයකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට, මේ ප්‍රශ්න විසඳන්න කියලා. සමහර ඒවා ගොඩක් කල් ඇදි ඇදී තියෙන ප්‍රශ්න. සමහර ඒවා ආණ්ඩුවෙන්, මහ භාණ්ඩාගාරයෙන් සත පහකවත් වියදමක් යන්බේ නැතිව විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඒවා එක පෑන් පාරෙන් විසඳන්න පුළුවන්. ඉතින් මේ එකක්වත් විසඳන්නේ නැහැ... එතකොට එතනින් එහාට ගියාට පස්සේ මේ සම්බන්ධව අපි දිගටම පසුගියදා පැවතුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් කතා කරා. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සහ මේ ආණ්ඩුවේ තියෙන මේ උද්දච්ච ප්‍රතිචාරය සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියන එක පසුගිය 25වනදා තිබුණු මධ්‍යම කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.''

Hot this week

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

Topics

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron