Friday, April 10, 2026
21.6 C
Sri Lanka

විදුලිබල මණ්ඩලය අහෝසි වෙයි නව සමාගම් 6 අද සිට බලාත්මකයි

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ.

ඒ එම මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විමත් සමගය.

ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි විය.

විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කිරීමටද බලශක්ති අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

ඒ අනුව විදුලිබල මණ්ඩලයට අදාළ සියලු මෙහෙයුම් කටයුතු මින් ඉදිරියට මෙම සමාගම් 6 වෙත පැවරෙනු ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් පිහිටුවනු ලැබූ සමාගම් 6 වනුයේ විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම්ය.

මෙම සමාගම් 6 අතුරින් සමාගම් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ අනුව ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ පුද්ගලික සමාගම සහ විදුලි බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමටද කටයුතු කර තිබුණි.

ඒ අනුව පිළිවෙළින් ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ, ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර යන මහත්වරුන් පත් කිරීමටද පියවර ගෙන ඇත.

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron