Thursday, April 9, 2026
22.4 C
Sri Lanka

පත්වී පැය 72ක් ගතවුවත් තවමත් ප්‍රසිද්ධියට නොපැමිණි මොජ්තබා – තුවාල වෙලාද ? සැඟවිලා ද ? 

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා මොජ්තබා කමෙන්නි නම් කර පැය 72ක කාලයක් ගතවී ඇතත්, ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ලොව පුරා දැඩි කුතුහලයක් ඇති කර තිබේ.

ඔහු ඉරාන ජාතිය අමතා ප්‍රකාශයක් හෝ අවම වශයෙන් ලිඛිත ප්‍රකාශයක්වත් මෙතෙක් නිකුත් කර තොතිබීම එම කුතුහලය තව තවත් තීව්‍ර කරයි.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින්, 56 හැවිරිදි මොජ්තබා කමේනි හඳුන්වා දෙන්නේ ජාන්බාස් ‘Jaanbaz’ හෙවත් සතුරා අතින් තුවාල ලැබූ යුද වීරයෙකු ලෙසය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාරයන් ඉරාන රජය හඳුන්වන්නේ ‘රාමසාන් යුද්ධය’ යනුවෙනි.

ඔහු මෙම ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවට අනුමාන කෙරෙන අතර, ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට එය හේතුවක් විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඉරාන ජනාධිපතිවරයාගේ පුත් යූසුෆ් පෙසෙෂ්කියන් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මොජ්තබා කමේනි “සෞඛ්‍ය සම්පන්නව සහ ආරක්ෂිතව” පසුවන බවය.

මොජ්තබාගේ පියා වන අලි කමෙන්නි ඝාතනය වීමෙන් පසුව, නව නායකයාගේ ආරක්ෂාව සඳහා ඉරානයේ ප්‍රභූ මර්දන ඒකකයක් වන Black-clad Counterterrorism Special Force යොදවා ඇති බව වාර්තා වේ.

මොහු සිය පියාගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති එලෙසම ඉදිරියට ගෙන යනු ඇතැයි විශ්වාස කෙරේ.

පසුගිය පෙබරවාරි 28 වෙනිදා එල්ල වූ ප්‍රහාරවලින් තම පියා, මව සහ බිරිඳ අහිමි වූ මොජ්තබා කමේනි, අමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිය පවුලේ සාමාජිකයන්ගේ මරණවලට පළිගැනීමට උත්සාහ කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

නව නායකයාගේ සැබෑ තත්ත්වය හෝ ඔහු සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් අනාවරණය වී නොමැති වීම නිසා ඉරානයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද මේ පිළිබඳව විවිධ කතාබහ නිර්මාණය වී තිබේ.

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron