Tuesday, April 7, 2026
21.9 C
Sri Lanka

ඉන්ධන නිකුත් කිරීම යළිත් QR ක්‍රමය යටතේ ; QR කේතය ලබා ගන්නේ කෙසේ ද ?

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම QR කේතය භාගත කළ හැකිය.

පසුගිය රජය සමයේ ඉන්ධන නිකුත් කිරීමට හඳුන්වා දුන් QR කේතය (වාහනය සහ දුරකතන අංකය වෙනස් වී නැතිනම්) ඉන්ධන ලබා ගැනීමට වලංගු වන අතර අලුතින් මිල දී ගන්නා ලද වාහන ලියාපදිංචි කිරීමට ද අවස්ථාව ලබා දී ඇත.

QR කේතය ලබා ගන්නේ කොහොම ද?

පෙර ලියාපදිංචිකරුවන්ගේ වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකතන අංකය වෙනස් වී නොමැති නම්, https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි QR කේතය ඩවුන්ලෝඩ් කර ගත හැකි ය.

පෙර භාවිත කළ QR කේතය ඔබ සතුව ඇත්නම් එය නැවත භාවිත කළ හැකි ය.

වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකතන අංකය වෙනස් වී ඇති නම්, https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතු ය.

පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) අලුතින් ම ලියාපදිංචි කරන ලද වාහන සඳහා ද එම වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතු බවත් එම නි‍වේදනයේ සඳහන් කර ඇත.

කෘෂි කර්මාන්ත කටයුතු, ධීවර කටයුතු, පාසල් ප්‍රවාහන සහ කාර්යාල ප්‍රවාහන කටයුතු ආදිය සඳහා ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.

සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද?

බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර ඇති පරිදි, බස් රථ සඳහා ලීටර් 60ක්, යතුරු පැදි සඳහා ලීටර් 05ක්, වෑන් රථ සඳහා ලීටර් 40ක් සහ මෝටර් රථවලට ලීටර් 15ක් ලෙස QR ක්‍රමය හරහා සතියකට ඉන්ධන ලබා ගැනීමට හැකි ය.

ඊට අමතරව මෝටර් ලොරි සඳහා ලීටර් 200ක්, ඉඩම් වාහනවලට ලීටර් 25ක්, මෝටර් ත්‍රිරෝද රථවලට ලීටර් 15ක්, විශේෂ කාර්ය වාහන සඳහා ලීටර් 40ක් සහ ක්වොඩ්‍රිසයිකල් සඳහා ලීටර් 05ක් ලෙස සතියක කාලයකට ඉන්ධන ලබා ගැනීමට කටයුතු සලසා තිබේ.

එමෙන් ම පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බව ද බලශක්ති අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

මෙලෙස ඉන්ධන ලබා ගැනීම සඳහා පසුගිය රජය සමයේ හඳුන්වා දෙන ලද QR කේතය වලංගු වන අතර එය ලබා ගැනීමට සහ අලුත් වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රමය ද බලශක්ති අමාත්‍යංශය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

QR ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කුමක් ද?

බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත්, රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීමත් හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් නැවත එම ක්‍රමය ක්‍රියාවට නංවන බව ය.

කෙසේ වෙතත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, නලින්ද ජයතිස්ස ඇමතිවරයා මාර්තු 10 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ, QR ක්‍රමය හරහා ඉන්ධන පරිභෝජනය අඩු වූ බවට සංඛ්‍යා ලේඛනවල සඳහන් නොවන බව ය.

“QR එක හැදුවේ තියෙන ටික බෙදා හැරීමට මිසක් පරිභෝජනය අඩු කර ගන්න නෙමෙයි. එකෙන් වුණේ පෝලිම්වල ඉඳන් තෙල් ගහන එක නැති වුණා පමණ යි, පරිභෝජන සංඛ්‍යා ලේඛනවලින් ඒ මොහොතේ පැවති තෙල් පරිභෝජනයේ අඩුවක් සිද්ධ වුණේ නැහැ.”

Hot this week

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

Topics

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron