Monday, April 6, 2026
21.9 C
Sri Lanka

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා !

රජයේ නිල ඉන්ධන QR කේතය ලබාගැනීම සඳහා සකස් කර ඇති නිල වෙබ් අඩවියට සමාන අයුරින් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අනතුරු අඟවයි. ඊයේ (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් මෙම ව්‍යාජ අඩවි ඉතා සූක්ෂ්ම ලෙස නිර්මාණය කර ඇති බවයි. රජය විසින් ඉන්ධන අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ fuelpass.gov.lk යන වෙබ් අඩවිය පමණක් බැවින්, වෙනත් කිසිදු අන්තර්ජාල ලිපිනයක් හරහා තම තොරතුරු ඇතුළත් නොකරන ලෙස ඔහු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර මෙරට ඉන්ධන හිඟය අවම කිරීම සඳහා ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද (16) උදෑසන දිවයිනට ළඟා වී ඇති බවත්, එහි ඇති ඉන්ධන තොග අද දිනයේම ගොඩබෑමට කටයුතු සූදානම් කර ඇති බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු වන අතර, එමගින් ඉදිරි දින කිහිපය තුළ පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම වඩාත් විධිමත් කිරීමට අපේක්ෂිතය.

Hot this week

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

Topics

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron