Monday, April 6, 2026
21.9 C
Sri Lanka

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවත් රාජ්‍යන් සහ රාජ්‍යන් අතර ගිවිසුම් මගින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාවන් පිළිබඳව මේ වන විට රජය අවධානය යොමු කර ඇති බවත්ය.

රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරටට පැමිණිමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙරට සිටින ඉරාන තානාපතිවරයා ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට සූදානම් බවට සිදුකරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධවද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රකාශය අගය කරන නමුත් නැව් තිබෙන රටවල්වලට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව පවතින නමුත් මෙරටට එම අවස්ථාව නොමැති බවය.

කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීම සඳහා ඇනවුම් කිහිපයක් ලබා දී ඇති බවත් ඒම ඇනවුම් අතරින් ඉන්ධන නැව් කිහිපයක් එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරටට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

"රුසියාවත් එක්ක සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පවතිනවා නමුත් පසුගිය කාලයේ අපිට රුසියාවත් එක්ක තෙල් ගැනීමේ හැකියාවක් ලැබුණේ නෑ. නමුත් අපි උත්සාහ කරමින් ඉන්නවා රාජ්‍යයන් සහ රාජ්‍යන් අතර ගිවිසුම් අත්සන් කිරීමෙන් මේක කරගන්න පුළුවන්ද කියලා. රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ලංකාවට පැමිණිමට නියමිතයි. එතකොට මේ සාකච්ඡා තවත් විදිමත් කරන්න පුළුවන්කමක් තිබෙනවා.

ඉරානයෙන් තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නයේදී දැන් තිබෙන්නේ නැව් අයිති රටවලට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපිට එහෙම හැකියාවක් නෑ. අපි ස්තූතිවන්ත වෙනවා ඒ ප්‍රකාශයට නමුත් අපි දැන් බොරතෙල් සහ පිරිපහදු තෙල්වලට ඇනවුම් කීපයක් දීලා තිබෙන්නේ. ටෙන්ඩර් ඕපන් වෙලා තිබෙනවා ඒ තෙල් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අදත් එක ටෙන්ඩරයක් ඕපන් වීමට නියමිතයි. දැනට ඕපන් වෙලා තිබෙන ටෙන්ඩර් අනුව අප්‍රේල් මාසයේදී තෙල් නැව් කිහිපයක් ලැබෙනවා. මේවාත් එක්ක තමයි තෙල් ප්‍රමාණය කළමනාකරණය කරගන්න වෙන්නේ."

Hot this week

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

Topics

සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය...

රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ...

අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා...

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron