Friday, April 3, 2026
20.8 C
Sri Lanka

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ චීන ජාතිකයින් පිටුවහල් කෙරේ

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි චීන ජාතිකයින් 125 දෙනෙකු පිටුවහල් කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සදහන් කළේ, චීන රජය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරටින් එවන ලද විශේෂ ගුවන් යානයක් යොදාගෙන අදාළ පිරිස පිටුවහල් කළ බවය.

පසුගිය 17 වනදා අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හල් කිහිපයක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කරමින් සිටියදී අදාළ චීන ජාතිකයින් ඇතුළු විදෙශිකයින් පිරිසක් යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. 

එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක සහ ව්‍යපාරික වීසා මත අදාළ චීන ජාතිකයින් මෙරටට පැමිණීමෙන් අනතුරුව ආගමන විගමණ නීති උල්ලංඝනය කරමින් රැදී සිට ඇති බවයි.

අනතුරුව ඔවුන් ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි අතර චීන රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් පිටුවහල් කිරීමට තීරණය කර ඇත.

ඒ සදහා චීන ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් සහ වෛද්‍යවරයෙකු විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව සදහන්. 

ඊයේ රාත්‍රියේ අදාළ චීන ජාතිකයින් පිටුවහල් කර ඇති අතර ඔවුන් සමග මෙරට ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වේ.

Hot this week

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

දිවයිනේ සියලු රෝහල්වල අදත් GMOA වැඩවර්ජනය අරඹයි

අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00...

Topics

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ...

සජින් වාස්ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන...

බලශක්ති අරපිරිමැස්ම වෙසක් සහ පොසොන් ආගමික උත්සවවලට බලපානවා ද?

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය යටතේ මෙරට මතුව ඇති බලශක්ති...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron