Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් පත්ල පහත් බස් රථ සේවාව අද (21) මාකුඹුරින් ආරම්භ විය.

ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

රෝද පුටු භාවිත කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට සේම ගැබිණි මව්වරුන්ටද ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පත්ල පහත් විශේෂ බස් රථ 10ක් අද දින ඒ අනුව ප්‍රවාහන සේවාවට එක් කර තිබේ.

ඒ අනුව මෙම එක් බස් රථයක මගී ආසන 30කින් සමන්විත වන අතර මෙම බස් රථ සඳහා රෝද පුටුවලින් ගොඩවන මගීන්ට වෙනමම ආසන වෙන් කර තිබේ.

මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත් මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන් හී නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මෙම මාර්ග මගින් ආවරණය කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ මෙම බස් රථ ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙන අතරම අනෙක් මගීන්ටත් සුවපහසු, විශ්වාසදායී ප්‍රවාහන  සේවාවක් මේ හරහා ඉටුවනු ලබන බවය.

එමෙන්ම මෙම වසර අවසන්වීමට පෙර මෙම වර්ගයේ බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවත් ඉදිරියේදී මෙම බස් රථ මහනුවර, මඩකලපුව, මාතර, යාපනය වැනි ප්‍රදේශවලටත් මෙම සේවාව හඳුන්වා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron